පැතුම් දර්ශන
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා හොරොව්පොතාන මොරකෑව ප්‍රදේශයට පැමිණ සිටි නාවික හමුදා සෙබළාගේ සිදුකල පී.සී.ආර් පරික්ෂනයෙන් ක්රොනා ආසාදනය වී නොමැති බවට තහවරු වූ බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය තහවුරු කරයි.
වැලිසර සිට නාවික හමුදා භටයින් හතර දෙනෙකු හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට පැමිණ සිටි.
ඒ අනුව එම හතරදෙනා සහ පවුලේ සියලු ඥාතීන් පළමුව නිරෝධායනයට යොමුකළ අතර ඊයෙ (24) ඉන් එක් අයෙකු පී.සී.ආර්. පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කර තිබිණි. එහිදී සිදුකළ පරීක්ෂණවලදී ඔහුට ක්රොනා ආසාදනය වී නොමැති බවට මීට සුළු මොහොතකට පෙර තහවුරු වී තිබේ.
අනෙක් නාවික භටයන් තිදෙනා පී.සී.ආර්. පරීක්ෂණය සඳහා අද (25) අනුරාධපුර ශික්ෂණ රෝහලට යොමු කල අතර ඔවුන්ගේ වාර්තා හෙට(26) ලැබීමට නියමිතය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.