( ලසන්ත නිරෝෂණ පෙරේරා , ඩබ්ලිව් .ඒ. සිරිසේන )
රුපියල් පන්දහසේ දිමනාව ලබාගැනිමට ගිය පුද්ගලයකු රක්වාන කොට්ටල ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියකට බැණ තර්ජනය කළැයි කියන පැම්ණිල්ලක් මත එම සැකකරු රක්වාන පොලිසිය ව්සින් අද (24) අත් අඩංගුවට ගනු ලැබිය .
සැකකරු අත් බෑගයෙන් ඇද තමාට හිරිහැර සිදුකලේ යැයි පවසමින් නිලධාරිනිය රක්වාන රෝහලට ඇතුළත් වි තිබේ .
මේ සම්බන්ධයෙන් කළ ව්මසිමකදි රක්වාන පොලිසියේ ස්ඨානාධිපතිවරයා පැවසුවේ රුපියල් පන්දහසේ දිමනාව ලබාගැනිමට ගිය අයෙකු සහ සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය අතර බහින් බස්විමක් ඇති බවයි.
නමක අකුරක ගැටළුවක් නිසා දීමනාව ලබාදිය නොහැකි බව නිලධාරිනිය දැනුම්දිමෙන් පසුව මෙම බහින්බස්විම සිදුවි තිබේ .
සිද්ධිය වු අවස්ථාවේදී එහි සිටි තවත් නිලධාරිනියකගෙන් ද පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන ඇත.
සැකකරු හෙට (25) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd