(පුෂ්ප කුමාර ජයරත්න)
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී නිවාඩු ලබා පැමිණ සිටි මාවතගම ප්‍රදේශයේ නාවික හමුදා සාමාජිකයෙකු සමග සමීපව ඇසුරු කළ බව කියන කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට සම්බන්ධ මෘත ශරීරාගාරයේ සේවය කරන තිදෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.
වැලිසර කඳවුරේ සිට නිවාඩු ලැබ පැමිණ සිටි මෙම නාවික හමුදා සාමාජිකයා කොරෝනා වෛරසය ආසාදනයවී ඇතිදැයි පරීක්ෂා කර බැලීම සඳහා ආපසු වැලිසර කඳවුරට රැගෙන ගොස් තිබෙන අතර ඔහුගේ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් පෙරේදා (23) දිනයේ ඔහු සමග සමීප ඇසුරක් පැවැත්වූ බව කියන මෙම රෝහල් සාමාජිකයින් තිදෙනා රෝහල තුළම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .
පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් රෝහල් මෘත ශරීරාගාරයේ කටයුතු සඳහා වෙනත් සේවකයින් පිරිසක් යෙදවීමට සිදුවූ බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.