(රංජිත් රාජපක්ෂ)
වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර නිවාඩුවට පැමිණ සිටි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි නාවික සෙබළුන් පස්දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් 23 දෙනෙකු අද (25) සිට දින 14 ක් ස්වයං නිරෝධානයට යොමු කිරීමට නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කළහ.
නාවලපිටිය දෙකින්ද අලුත්ගම , ගොන්දෙන්නාව , දොරවාදෙණිය , නව තිස්පනේ යන ප්‍රදේශවල පදිංචි මෙම නාවික සෙබළුන් වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කර මේ මස 15 වැනිදා සිට 18 දින දක්වා නිවාඩු සඳහා නිවස් වෙත පැමිණ ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
නාවික හමුදා සෙබළුන් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන්ව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණ පී.සී.ආර් පරීක්ෂණයක්ද සිදු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd