පිළියන්දල අම්මටත් පුතාටත් කොරෝනා නෑ මාළු වෙළඳාමේ නිරත පිලියන්දල ග්‍රාමෝදය මාවතේ පදිංචි කොරෝනා ආසාදිතයා ඇසුරු කළ පාසල් සිසුවා සහ ඔහුගේ මව ලක් කල පි.සි.ආර් පරීක්ෂණයෙන් කොරෝනා වැලඳි නොමැති බවට තහවුරු වී ඇතැයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 6 years ago
කුරුණෑගල දැවැන්ත විදුලිය බිඳ වැටීමක් කුරුණෑගලට ඊයේ (23) රාත්‍රියේ අධික සුළං , අකුණු සැර සමග ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් මෑත කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුවූ විශාලම විදුලිය බිඳවැටීම වාර්තා විය . 6 years ago
රිය අනතුරකින් අයෙක් මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල ඉබ්බන්කටුව ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදි දෙකක් හා කන්ටේනර් රථයක් එකිනෙක ගැටිමෙන් සිදුවි රිය අනතුරකින් යතුරුපැදිවල ගමන්කළ එක් අයෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 6 years ago
නිවාඩුවට ආ නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු පී.සී.ආර්. පරීක්ෂණයට රත්නපුර මහ රෝහලට වැලිසර නාවික හමුදා කදවුරට අනියුක්තව සේවය කර නිවාඩු පැමිණි ස්වයං නිරෝධනයට ලක් කර සිටි නාවික හමුදා නිළධාරීන් දෙදෙනකු පි.සි.ආර්. (PCR) පරික්ෂණය සදහා අද (23) රාත්‍රියේ රත්නපුර මහ රෝහල වෙත රැගෙන ආ බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල පවසයි. 6 years ago
දේහයට මුද්‍රා තබා ආදාහන කටයුතු කරයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගිය සිව්දරු මවකගේ ආදාහන කටයුතු දේහයට මුද්‍රා තබා ජාත්‍යයන්තර නිරෝධායන නිතිමාලාවට අනුකුලව අද (23) පස්වරුවේ දි අක්මිමන කුරුදුවත්ත ආදාහනාගාරයේ දි සිදුකළ බව ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න මහතා පවසයි. 6 years ago
වගා ළිඳට වැටුණු වන අලියා බේරා ගනී ගල්කිරියාගම මානකැටේ ගම්මානයේ අලි මෙහෙයුම ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් මානකැටේ ප්‍රදේශයේ වගා බිමක තිබූ අනාරක්ෂිත වගා ළීදක වැටී සිටි වල් අලියෙකු ගොඩ ගැනීමට අද ( 23) සවස ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ. 6 years ago
ගංජා පැකට් 15 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට බණ්ඩාරවෙල දිගනතැන්න ප්‍රදේශයේදී ගංජා පැකට් 15 ක් සමඟ දෙදෙනෙකු අද (23) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 6 years ago
ලංගම බසයක කොන්දොස්තරවරයකුට පහර දුන් අයෙක් අත්අඩංගුවට බස් නැවතුමට පිට ස්ථානයක බස් රථය නැවැත්වූයේ නැතැයි උරණ වී ලංගම බස් රථයක කොන්දොස්තරවරයකුට පහර දුන් බව කියන පුද්ගලයෙකු අද(23) අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලිසිය කියයි. 6 years ago
අඟුණකොළපැලැස්සේ ඇළක මළ සිරුරක් අඟුණකොළපැලැස්ස බිංකම ප්‍රදේශයේ පාලමක් යට ඇළක තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් අද සොයාගත් බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි. 6 years ago
පන්දාහ නොදී දින තුනක් රස්තියාදු කළැයි විරෝධයක් කොරෝනා ආසාදිත තත්වය හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ මහරගම පමුණුව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ජනතාව දින 3 ක් තිස්සේ රුපියල් 5000 වෙනුවෙන් රස්තියාදු කළ බව පවසමින් ඔවුන් අද ග්‍රාම සේවා කාර්යාලය ඉදිරිපිට දී සිය විරෝධයට පළ කළහ. 6 years ago
හක්කපටස් කෑමෙන් අලි පැටවකු මරුට මහව අඹගස්වැව ප්‍රදේශයේ වන රොදක හක්කපටස් කෑමෙන් අනතුරට ලක්ව වයස අවුරුදු හතක පමණ ඇත් පැටවෙකු අද 23 මරණයට පත්ව ඇති බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය පවසයි. 6 years ago
කෙසෙල්පොත යාය 12 න් නාවලපිටියට සහල් කිලෝ 2250 ක් මහියංගන කෙසෙල්පොත යාය 12 ගම්මානයේ ජනතාව සහල් කිලෝ 2250 ක් මහනුවර නාවලපිටිය පස්භාග කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අඩු ආදාම්ලාභී පවුල් වලට බෙදාදීම සඳහා පරිත්‍යාග කළ බව කොසල්පොත අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති රිටිගහරාවේ ජිනානන්ද හිමියන් පැවසුහ. 6 years ago
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 2 weeks ago