( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගලට ඊයේ (23) රාත්‍රියේ අධික සුළං , අකුණු සැර සමග ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් මෑත කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුවූ විශාලම විදුලිය බිඳවැටීම වාර්තා විය .
මෙම විදුලිය බිඳවැටීම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකින්ම වාර්තා වූ අතර දිස්ත්‍රික්කය හරහා හමා ගිය අධික සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටීමෙන් විදුලි ට්රාන්ස්ෆෝමර රැසකට සහ විදුලි රැහැන් මාර්ග රැසකට හානි සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය .
කොරෝනා වසංගතය හේතුවෙන් ක්‍රියාත්මක ඇඳිරිනීතිය නිසා විදුලි කාර්මික නිලධාරීන්ගේ පැමිණීමේ යම් අඩුවක් වාර්තා වුවද උපරිම කාර්ය මණ්ඩලයක් යොදවා මෙම නඩත්තු කටයුතු කිරීමට උපදෙස් දී ඇති බවද සභාපතිවරයා පැවසීය .
කුරුණෑගල දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වලට ඊයේ දහවල වන තුරුද විදුලිය ලැබී නොතිබුණි .
විදුලිය නොතිබීම හේතුවෙන් බොහෝ රජයේ කාර්යාලවල කටයුතු අඩපණව තිබූ අතර බොහෝ ව්‍යාපාරික ස්ථානද වසා දමා තිබුණි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.