IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


නාවලපිටියේ ආපනශාලා හදිසි පරීක්ෂාවකට

(රංජිත් රාජපක්ෂ)                       

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමත් සමඟ නාවලපිටිය නගරයේ පිහිටි ආපනශාලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (22) හදිසි පරීක්ෂාවකට ලක් කළහ.

නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලය , නාවලපිටිය නගර සභාව , පස්බාගේ කොරල ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව මෙම හදිසි වැටලිම සිදු කළහ.

නාවලපිටිය නගරයේ පිහිටි ආපන ශාලා 19 ක් පරීක්ෂාවට ලක් කළ අතර එම ආපන ශාලා 19 අතරින් එක් ආපන ශාලාවක අයිස්ක්‍රිම් සහ පීසිමට පිළියෙල කරන ලද කුකුල් මස් එකට තැබීම හේතුවෙන් එවා විනාශ කළ බවත් එම ආපන ශාලා හිමියාට එරෙහිව නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.

අපිරිසිදුව හා සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරමින් ආපන ශාලා පවත්වාගෙන ගිය ආපන ශාලා රැසක හිමිකරුවන්ට අඩුපාඩුකම් සපුරා ගැනීම සඳහා මේ මස 27 දින දක්වා කල් ලබා දුන් අතර එම කාලය අතරතුර එම අඩුපාඩුකම් සපුරා නොගන්නා ආපනශාලා මුද්‍ර තබන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ආපනශාලා හිමියන්ට අවධාරණය කළහ.

නාවලපිටිය නගරයේ පිහිටි ආපනශාලා වල ආහාර අනුභව කිරීමට පැමිණෙන පාරිභෝගිකයන් වෙනුවෙන් සබන් යොදා අත්සේදීමට අවශ්‍යය උපකරණ සවි කරන ලෙසත් දැනුම් දී තිබේ.

ආපන ශාලාව තුල එක වර විශාල පිරිසකට ආහාර අනුභව කිරීමට අවකාශය ලබා නොදෙන ලෙසත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ආපනශාලා හිමියන්ව දැනුවත් කළ අතර මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වරින් වර අධික්ෂණය කරන බවද ආපනශාලා හිමියන්ව දැනුම් දුන්හ.



අදහස් (0)

නාවලපිටියේ ආපනශාලා හදිසි පරීක්ෂාවකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 791 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2446 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site