IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ග්‍රාම නිලධාරීවරයෙකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද  සිල්වා සහ දයා සිරිල් ධම්මික)

බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ග්‍රාම නිලධාරිවරයෙකුට රාජකාරී ස්ථානයේදී සිදුකළ පහරදීමක් හේතුවෙන් ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතබව තෙලිකඩ පොලිසිය කියයි.

මෙම පහර දීම  සම්බන්ධයෙන් සැකපිට කෙරදේවල, මාජුවාන පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන්නේ සැකකරු රජයෙන් ලබාදෙන සහන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනයක කටයුතු කඩිනම් කරන ලෙස ග්‍රාම නිලධාරිවරයාට බලකර ඇති ඒ අවස්ථාවේදී ග්‍රාම නිලධාරිවරයා සැකකරුට රාජකාරියට බාධා නොකල ඉවත් වන ලෙස කරන ලද ඉල්ලීමට උරණවී සැකකරු අතතිබූ ආරක්ෂිත හිස්වැසුමකින් ග්‍රාම නිලධාරිවරයාගේ හිසට පහරදී ඇති බව පොලිසිය කියයි.

සැකකරු හෙට (23) බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 



අදහස් (0)

ග්‍රාම නිලධාරීවරයෙකුට පහරදුන් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 791 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2446 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site