(ජේ.කේ.එල්. චාමින්ද)
දකුණු පළාතේ සියලුම සුරාසැල් හා සුරාබදු බලපත්‍රලාභි අවන්හල් මුද්‍රා තැබීමට කටයුතු කළ බව දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න විරක්කොඩි මහතා පවසයි.
සුරාහල් හා සුරාබදු බලපත්‍රලාභි අවන්හල් වල ඇති මත්පැන් පිළිබඳ තොග ගණනය කිරිමක් සිදුකොට සුරාබදු නිලධාරින් මගින් මෙසේ මුද්‍රා තැබීමට කටයුතු කළබවද දකුණු පළාත් සහකාර සුරාබදුකොමසාරිස්වරයා සඳහන් කළේය.
සුරාබදුහල්වසා දමා ඇති කාලයේ දි හොර රහසේ මත්පැන් අලෙවි කිරීමට ඉඩ ඇති බැවින් එය වැළැක්වීමට මෙන්ම සුරාබදුහල් වසාදැමීමට රජය මගින් ගත් තින්දුව ස්ථිර කිරීම සඳහා සියලු සුරාහල් හා බලපත්‍රලාභි අවන්හල් මුද්‍රා තැබීමට තීන්දු කළ බවද දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කළේය.
සුරාබදුහල් හා බලපත්‍රලාභි අවන්හල් නැවත විවෘත කිරීමේ දි එවායේ ඇති මත්පැන් තොග පිළිබද ගණනය කිරීමක් නැවත සිදුකරණ බවද දකුණු පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කස්සිප්පු මුදලාලිලාගේ මල්ල කරේ