සම්පත් ප්‍රියනන්දන
වැලිසර නාවික හමුදා කදවුරට අනියුක්තව සේවය කර නිවාඩු පැමිණි ස්වයං නිරෝධනයට ලක් කර සිටි නාවික හමුදා නිළධාරීන් දෙදෙනකු පි.සි.ආර්. (PCR) පරික්ෂණය සදහා අද (23) රාත්‍රියේ රත්නපුර මහ රෝහල වෙත රැගෙන ආ බව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල පවසයි.
ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි නාවික හමුදා නිළරියෙකු සහ රක්වාන ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි නාවික හමුදා නිළධාරියෙකු මෙලෙස PCR පරික්ෂණය සදහා රත්නපුර මහා රෝහල වෙත යොමුකර ඇත.
ඇඹිලිපිටිය ප්‍රදේශිය පදිංචි නාවික හමුදා නිළධාරීය ඊයේ (22) දා සිට ස්වයං නිරෝධනයට යොමු කර ඇති අයෙකු වන අතර රක්වාන ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලා අද (23) දා ස්වයං නිරෝධනයට ලක් කල අයෙකු බව අදාළ බල ප්‍රදේශවල සෞඛ්‍ය අංශ පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd