(කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම මානකැටේ ගම්මානයේ අලි මෙහෙයුම ගල්කිරියාගම වනසත්ව අඩවියට අයත් මානකැටේ ප්‍රදේශයේ වගා බිමක තිබූ අනාරක්ෂිත වගා ළීදක වැටී සිටි වල් අලියෙකු ගොඩ ගැනීමට අද ( 23) සවස ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ.
ගල්කිරියාගම පොලිස් ස්ථානයේ හා එම ප්‍රදේශවාසීන්ගේ සහය ද එහිදී වනජීවී නිලධාරීන්ට ලැබී තිබිණි.
කහල්ලපල්ලේ කැලේ අභය භූමියේ සිට ආහාර සොයා පැමිණි වල් අලියෙකු මෙලෙස ඊයේ 22 රාත්‍රියේ එම අනාරක්ෂීත වගා ළීදට වැටී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
අලියා වැටී සිටි එම අනාරක්ෂීත වගා ළිද අඩි 20ක් පමණ ගැඹුරු එකක් වන අතර එහි වැටී සිටි අලියා උස අඩි 08ක් පමණ වන අතර වයස අවුරැදු 20 -25 ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.
අලියා වැටී සිටි ළීද පිහිටි ස්ථානයට ජේසීබී යන්ත්‍රයක් හෝ රැගෙන ඒමට අපහසු පාරිසරික තත්ත්වයක් පැවැතීම හේතවෙන් අලියා ගොඩ ගැනීමේ මෙහෙයුම තරමක් දුෂ්කර වී තිබිණි.




2025 නොවැම්බර් මස 04
791
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2446
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වගා ළිඳට වැටුණු වන අලියා බේරා ගනී