(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොරෝනා ආසාදිත තත්වය හේතුවෙන් ජීවනෝපාය මාර්ග අහිමි වූ මහරගම පමුණුව නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ ජනතාව දින 3 ක් තිස්සේ රුපියල් 5000 වෙනුවෙන් රස්තියාදු කළ බව පවසමින් ඔවුන් අද ග්‍රාම සේවා කාර්යාලය ඉදිරිපිට දී සිය විරෝධයට පළ කළහ.
500 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස නොසන්සුන් ව හැසිරුණු අතර ඔවුන් මීටරයක දුර ප්‍රමාණය සහ අනෙකුත් සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් පිළිබද සිටියේ නැත .
සමෘද්ධි සංවර්ධන නිලධාරිනිය පවසන්නේ තමන් තවත් වසමක රාජකාරිය කරන අතර එහි සිටින මහරගම නාගරික මන්ත්‍රී වරයෙක්ගෙන් බාධාවන් එල්ල වන බැවින් මෙම ප්‍රමාදය සිදු වන බවයි . මේ වන විට එම පිරිසට මුදල් ලබා දීම ආරම්භ කර තිබේ.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.