( දිනේෂ් උපේන්ද්‍ර)
සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් වෙළදසැල් වෙත ගොස් ලබාදුන් උපදෙස් අනුව කටයුතු නොකළැයි කුලියාපිටිය කදුරුගස්හේන පිහිටි අවන් හලක් වසා දැමීමට කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය හා පරීක්‍ෂක කණ්ඩායම් අද(23) පියවර ගෙන තිබිණ.
ඉකුත් සඳුදා ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමග වෛද්‍ය කණ්ඩායම් සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් හා පොලිසිය ගොස් ආපන ශාලාවල ආහාර පාන ආදිය ලබාදියයුතු ආකාරය පිළිබද දැනුම්වත් කර තිබූ පසුබිමක ඊයේ (22) අදාළ වෙළඳ සැලෙහිම ලබාදී උපදෙස් වලට පටහැනිව යමින් ආහාරපාන ලබාදුන් බවට ලද පැමිණිල්ලක් මත නැවතත් එසේ නොකරන ලෙසට තරයේ අවවාද කර තිබූ පසුබිමක අද(23) යළි කළ පරීක්‍ෂාවේදී ආපනශාලාව තුළ ආහාරපාන භුක්ති විදීමට ඉඩ ලබාදීම හේතුවෙන් එසේ තාවකාලිකව වසා දැමීමට පියවරගත් බව නාගරික මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සංජය මහතා පැවසීය.
ඉදිරියේදීද සැලොන් ඇතුලු රූපලාවන්‍යාගාර හා ආහාරපාන ආදිය අළෙවි කරන ස්ථාන පිළිබද නිරන්තරයෙන් සොයා බලා කටයුතු කරන බවත් එම ක‍්‍රියාමාර්ග නිසා පාරිභෝගිකයා මෙන්ම අළෙවිකරුවන්ද සුරක්‍ෂිත බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මහජනතාවගෙන් එකතුකර ගන්නා බදුමුදල් වලින් වැටුප් ලබන රජයේ නිලධාරින් වන ඔබලා එම මිනිසුන් වෙනුවෙන්ම තම වගකීම්, යුතුකම් නිසිලෙස ඉටුකිරීම පිලිබදව අපගේ අවංක ස්තුතිය ඔබලා වෙත පුදකරන්නෙමු. ඔබලාට යහපතක්ම වේවා !!!