(තිලකරත්න දිසානායක)
සුරාබදු දෙපාර්තමේන්තුවෙහි ගම්පහ සුරාබදු ස්ථානය මගින් පසු ගිය දින කිහිපය තුල සිදු කළ මෙහෙයුම්වලදී හොර සුරා අලෙවි කිරීම් සහ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ස්ථාන 27 ක් වටලා සැකකරුවන් 27 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේද ඇදිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකවීම හේතුවෙන් බලපත් සහිත සුරාසල් වසා තිබීම මත හොර රහසේ නිවෙස් ආශ්‍රිතව කසිප්පු නිෂ්පාදනය කිරීම සහ අලෙවි කිරීම් කරනු ලබන බවට ලද තොරතුරු අනුව මෙම අත් අඩංගුවට ගැනීම් සිදු කළ බව ගම්පහ සුරාබදු ස්ථානාධිපති සමන්ත කොස්තා මහතා පැවසීය.
ගම්පහ, වැලිවේරිය, කඩවත, මාකොළ, කිරිබත්ගොඩ, නිට්ටඹුව, රතුපස්වල යන ප්‍රදේශයන්හිදී මෙම වැටලීම් සිදු කොට ඇති අතර මින් කසිප්පු නිෂ්පාදනය කිරීම නිවාස දෙකක මුළුතැන්ගෙය තුළ සූක්ෂ්ම අන්දමින් සිදු කොට ඇති බව අනාවරණයවී ඇත.
හසුවූ අනෙක් ස්ථාන බොහෝමයකම කසිප්පු අලෙවි කිරීමත් ඇතැම් නිවාසයන්හි රජයේ අනුමත අරක්කු හොර රහසේ අලෙවි කිරීම සිදු කොට ඇති බවත් බලපත් සහිත සුරා අලෙවිසල්වල රුපියල් 300 ක් වන අරක්කු බෝතල් කාලක් එම නිවාසවලදී රුපියල් 1000 ක මිලකට අලෙවි කොට ඇති බවත් ස්ථානාධිපති වරයා කීය.
ගම්පහ කොට්ඨාස සුරාබදු සහකාර කොමසාරිස් පී.ඩී.ධර්මකීර්ති සහ සුරාබදු අධිකාරී ලක්ෂ්මන් කැටගොඩ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගම්පහ සුරාබදු ස්ථානාධිපති සමන්ත කොස්තා මහතාගේ මෙහෙයවීම යටතේ උපාය දූතයින් ලෙස සුරාබදු නිලධාරීන් යොදවා මෙම වැටලීම් 27 සිදු කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරුවන් ගම්පහ, මහර සහ අත්තනගල්ල යන මහේස්ත්‍රාත් අධිකරණයන් හමුවේ නියම කරනු ලබන දිනයන්හිදී පෙනී සිටීමට යටත්ව බැදුම් කර මත මුදා හැර ඇත.
2025 නොවැම්බර් මස 04
791
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2446
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුරාබදු දෙපාර්තමේන්තුවෙහි ගම්පහ කාර්යාලයෙන් වැටලීම් 27 ක්