(අනීෂා මානගේ)
කුඩාවැල්ල ධීවර වරායේ රාජකාරීවල නිරත වූ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු අද (24) නිරෝධායනයට ලක් කිරීමට තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීහු පියවර ගත්හ.
කුඩාවැල්ල ධීවර වරායේ සේවය කරමින් සිටි වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකු වැලිසර නාවික හමුදා කඳවුරේ පැවැති පුහුණුවීමකට සහභාගී වී මෙම මස 22 නැවත පැමිණි ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
මෙම නිලධාරියා සමඟ රාජකාරී කළ අනෙක් නිලධාරීන් දෙදෙනා මෙලෙස අද දිනයේ නිරෝධායනය කිරීමට පියවර ගත්හ.
කුඩාවැල්ල ධීවර වරායේ වෙරළාක්ෂක මුරකුටිය තාවකාලිකව වසා දැමීමටද නිලධාරීහු පියවර ගත්හ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd