(අනීෂා මානගේ)
බෙලිඅත්ත ප්‍රදේශයේ නිවෙසක් තුළ කසිප්පු පෙරන බවට ලද ඔත්තුවක් අනුව නිවෙසක් වැටලූ බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට එම නිවෙස ඉදිරිපිට තවාන් කර තිබූ කංසා තවානක් සොයාගැනීමට හැකිවූ බව බෙලිඅත්ත පොලිසිය කියයි.
බෙලිඅත්ත වීරසිංහ මාවතේ ජූල්හේනකඩ ප්‍රදේශයේ නිවෙසක් මෙලෙස වටලා ඇති අතර නිවෙස තුළ කසිප්පු පෙරමින් සිටි අයෙක් අත්අඩංගුවට ගැනීමට බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරිහු අද සමත්වූහ.
ගෑස් භාවිතයෙන් කසිප්පු පෙරා ඇති අතර ගෝඩා මිලිලීටර තුන්ලක්ෂ හැටදහසක්, කසිප්පු ස්ප්‍රීතු බෝතල් 8ක්, ගෑස් සිලින්ඩරයක්, ලිපක් සහ පෙරීමේ උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබිණ.
මෙම නිවෙස ඉදිරිපිට පැකට් තුළ බීජ යොදා සාදා තිබූ කංසා පැල තවානක් සොයාගැනීමට නිලධාරීහු සමත්වූහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.