(අනීෂා මානගේ)
බෙලිඅත්ත ප්‍රදේශයේ නිවෙසක් තුළ කසිප්පු පෙරන බවට ලද ඔත්තුවක් අනුව නිවෙසක් වැටලූ බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන්ට එම නිවෙස ඉදිරිපිට තවාන් කර තිබූ කංසා තවානක් සොයාගැනීමට හැකිවූ බව බෙලිඅත්ත පොලිසිය කියයි.
බෙලිඅත්ත වීරසිංහ මාවතේ ජූල්හේනකඩ ප්‍රදේශයේ නිවෙසක් මෙලෙස වටලා ඇති අතර නිවෙස තුළ කසිප්පු පෙරමින් සිටි අයෙක් අත්අඩංගුවට ගැනීමට බෙලිඅත්ත පොලිස් ස්ථානයේ නිලධාරිහු අද සමත්වූහ.
ගෑස් භාවිතයෙන් කසිප්පු පෙරා ඇති අතර ගෝඩා මිලිලීටර තුන්ලක්ෂ හැටදහසක්, කසිප්පු ස්ප්‍රීතු බෝතල් 8ක්, ගෑස් සිලින්ඩරයක්, ලිපක් සහ පෙරීමේ උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබිණ.
මෙම නිවෙස ඉදිරිපිට පැකට් තුළ බීජ යොදා සාදා තිබූ කංසා පැල තවානක් සොයාගැනීමට නිලධාරීහු සමත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකුවට පෙන්නන මිලිලීටර් තුන්ලක්ෂ හැත්තෑදාහක්, තිබුනේ බැරල් කියියද.?