ඔගස්ටින් ප්‍රනාන්දු
ඇදිරි නීතිය ක්‍රියාත්මකව පැවතියදි හලාවත දැදුරු ඔයේ දිය නෑමට ගිය තරුණයකු දැදුරු ඔයේ ගිලි අද ( 25 ) පස්වරු අතුරුදන්ව ඇති බව හලාවත පොලිසිය කියයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ බංගදෙණිය පල්ලම පාරේ වීරකුමන් දළු ප්‍රදේශයේ විසු නිමල් පොන්සේකා නමැති 21 වන වියේ පසු වන තරුණයෙකි.
අතුරුදන් තරුණයා අද ( 25 ) පස්වරු ඇදිරි නීතිය ක්‍රියාත්මකව , පැවැතිය දි තම මිතුරන් තිදෙනෙකු සමග දැදුරු ඔයේ මහ පාලම අසල දිය නෑමට ගිය බවත් ඒ අතරතුර මොහු ඔයේ ගිලි අතුරුදන්වු බවට පොලිසියට දන්වා ඇති බවත් කියයි.
පසුව පොලිසියද පැමිණ අතුරුදන් තරුණයා සෙවීමේ කාර්යයේ නිරතව ඇතත් කිසිදු තොරතුරක් නොලද බවත් මෙම පිරිස මත්පැන් පානය කරමින් සිටි බවට තොරතුරු ලද බවත් පොලිසිය කියයි.
අතුරුදන් තරුණයා සොයා ගැනීම පිනිස ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායම කැදවා ඇති බවත් පොලිසිය කියයි.
හලාවත පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යසනයක් වෙලාවේ කියන දේ අහන්නේ නැති අය ගැන වැඩිය වද වෙන්න ඕනේ නැහැ. ඔය එක්ක ගිය අනික් අයවත් මිනී මැරීමට උදව් කළා කියලා සහ පොලිසියේ කාලය නාස්ති කිරීමෙන් ජාතික ධනය විනාශ කරනවට හිරේ දමන්න ඕනේ. නීතිගරුක ජනයාට කරන අපහාස වලට මේ මිනිස්සු වන්දි ගෙවන්න ඕනේ.