( නිමාලි කහවල සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉංගිරිය නම්බපාන ග්‍රාම නිලධාරි කාර්යාලයට ජනේලයෙන් ඇතුළු වූ කිසියම් පුද්ගලයෙක් එහි කබඩ් කඩා ලිපි ලේඛන ඇද දමා එය මතට භූමිතෙල් දමා පලා ගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි .
උදෑසන එම ග්‍රාම නිලධාරී කාර්යාල භූමිය පිරිසිදු කරන කාන්තාව පැමිණි අවස්ථාවේදී මේ බව දැක ග්‍රාම නිළධාරියාට දැනුම් දීමෙන් අනතුරුව ඇය ඒ බව පොලිසිය දැනුම් දී ඇත .
මෙම පැමිණි පුද්ගලයා මේ දින වල ජීවනෝපාය අහිමි වූ පුද්ගලයන්ට ගෙවන මුදල් ග්‍රාම නිලධාරි කාර්යාලය තුළ තිබේදැයි සොයා බැලුවේ ද යන්න සැකයක් හට ගන්නා බව පොලීසිය කියයි .
ග්‍රාම නිලධාරි කාර්යාලයේ තුළ තැන තැන සහ වැසිකිළිය තුළ කහ පාටට හුරු කුඩු වර්ගයක් ඉස තිබෙන අයුරු දැක ගැනීමට තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd