IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ඇදිරිනීතීයේදී හැටන් මත්පැන් අලෙවිසැලකට හොරු පැනලා

(රංජිත් රාජපක්ෂ)             
                                             
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමග  ‍ ඇදිරි නිතිය පනවා තිබියදි හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් කාසල්රි ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලක් කඩා කිසියම් පිරිසක්අ‍ද (25) දින මධ්‍යම රාත්‍රියේ ඇතුල් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.
 
කාසල්රි ජලාශ වේලට ආසන්නයේ සහ ලංකා විදුලි බල මණ්ඩලයේ කාර්මික අභ්‍යාස විද්‍යාලයට ඉදිරිපිට සහ හැටන් නොටනබ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ මත්පැන් අලෙවිසැලක් තුලට (25) දින රාත්‍රි 12 ට පමණ කිසියම් පුද්ගලයෙකු විසින් එම මත්පැන් අලෙවිසැලේ සවි කර තිබෙන ආරක්ෂිත කැමරාව වෙනත් දිශාවකට හරවා ඉදිරිපස අගුලා තිබු ඉබි කඩා මත්පැන් අලෙවිසැලට ඇතුල් වි ඇති බවයි පොලිසිය කියා සිටියි.
 
මත්පැන් අලෙවිසැල කඩන ශබ්දය මත්පැන් අලෙවිසැල අසලට පිහිටි නිවාස වල පදිංචිකරුවන්ට ඇසි එ පිලිබද කාසල්රි ජලාශ වේල්ල ආසනනයේ රාජාරියේ නියුතු පොලිසිය නිලධාරින්ට සහ හැටන් පොලිසියට දැනුම් දිමෙන් පසු පොලිස් නිලධාරින් එම ස්ථානයට යාමට ප්‍රථම මත්පැන් අලෙවිසැල කඩා ඇතුල් වු පුද්ගලයා ඉන් පලා ගොස් ඇත.
 
මුහුණු ආවරණය කරගෙන මත්පැන් අලෙවිසැලට ඇතුල් වු පුද්ගලයා  මත්පැන් අලෙවිසැලේ මුදල් ලාච්චුවද විවෘත කර ඇති අතර ඉන් අනතුරුව මද වේලාවක් මත්පැන් අලෙවිසැලේ රැදි සිට මත්පැන්සැලෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේය.
 
එම මත්පැන් අලෙවිසැලේ මුදල් ලාච්චුවේ මුදල් නොතිබුණු බවත්, පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසින් වහාම එම ස්ථානයට යාමත් සමග සැකකරුට මත්පැන් ශාලාවේ තිබු වෙනත් කිසියම් භාණ්ඩයක් රැගෙන යාමට නොහැකි වි ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේය.
 
ඇදිරි නිතිය පනවා තිබු කාලයේ මිට ප්‍රථම හැටන් , නොර්වුඩ් , කොටගල යන නගරවල මත්පැන් අලෙවිසැල් කඩා සැකකරුවන් විසින් ඉන් මත්පැන් බෝතල් රැගෙන ගොස් තිබේ.
 
කාසල්රි ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැල කඩා ඇතුල්විම සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.



අදහස් (0)

ඇදිරිනීතීයේදී හැටන් මත්පැන් අලෙවිසැලකට හොරු පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11133 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1134 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site