(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ තුළදී නාවික හමුදාවේ සහ යුද හමුදාවේ සෙබලුන් 21 දෙනෙකු අද (24) සවස පීසීආර් පරීක්ෂණයට ලක් කළ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධිකාරක කළුතර දිස්ත්‍රික් මහා රෝහලේ වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.
මෙම සෙබලුන් පිරිස බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හුදකලා කර තිබෙන ග්‍රාම සේවා වසම් පහ ආරක්ෂාව සඳහා යොදවා සිටි අය බව වෛද්‍යවරයා කීය.
පීසීආර් පරීක්ෂණ වාර්තාව හෙට දින ලැබීමට නියමිත බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd