පුත්තලමේ පීඑච්අයිලා ලෙඩ නිවාඩු දමති පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3 වැනි දා අසනීප නිවාඩු ලබාගෙන සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටී. 03 August 2018
වෛද්‍ය වර්ජනයෙන් වතුකරයේ රෝගීන් අමාරුවේ ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පාමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් අද (3) උදෑසන 8 සිට ආරම්භ කර ඇති සංකේත වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රෝගීන් දැඩි ආසිරුතාවයකට පත්වුහ. 03 August 2018
පාසල් දැරියට අතවර කළ අයෙක් අත්අඩංගුවට වයස අවුරුදු 11 වන පාසල් සිසුවියකට ලිංගික අතවර කළ බව කියන 52 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 03 August 2018
දිවයින පුරා වැටලීම් වලින් 52 ක් අත්අඩංගුවට පොලිස් විශේෂ කාර්ය බළකාය 2018 වසරේ මේ දක්වා දිවයින පුරා සිදුකළ සංවිධානාත්මක අපරාධ මර්දන මෙහෙයුම් වලින් ගිනි අවි හා මත්ද්‍රව්‍ය සමඟ විවිධ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් 52 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව එම කාර්ය බළකාය කියයි. 03 August 2018
කාණුවක් කපද්දි ඉපැරණි සඳකඩ පහණක් මතුවෙයි පොලොන්නරුව, නවනගරය, 04 ඇළ ප්‍රදේශයේ ජල නළ එලීමක් සඳහා බැකෝ යන්ත්‍රයක් මගින් කාණුවක් කපද්දී ඉපැරණි සඳකඩ පහණක් අද (02) හමු වූ බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. 02 August 2018
යතුරුපැදි අනතුරෙක් අයෙක් මරුට වලස්මුල්ල පොලිස් වසමේ බෙලිඅත්ත- වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ ‘‘කොටඹේ‘‘ ප්‍රදේශයේදී අද (02) දහවල් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවත්ට පැන සිදු වූ අනතුරකින් යතුරු පැදියේ පසු පස ගමන් කළ අයෙකු මිය ගොස් තිබේ . 02 August 2018
නරක්වූ සිරුරක් කින්නියා කැලෑවකින් සොයාගනී උප්පුවේලි පොලිස් වසමට අයත් කින්නියා ගයාත්‍රි කෝවිල පිටුපස කැලෑවේ ගසක අත්තක එල්ලෙමින් තිබූ නරක් වූ මළ සිරුරක් අද (02) අද සොයා ගත් බව පොලිසිය කියයි. 02 August 2018
උණවටුන දී විදුලිසැර වැදී තරුණයෙක් මරුට උණවටුන වැල්ලේ දේවාලයේ ඇසළ උත්සවය නිමිත්තෙන් පවත්වා ගෙන ගිය රසකැවිලි වෙළඳසැලක සහායට පැමිණ සිටි 28 හැවිරිදි තරුණයකුට අද (2) එම උත්සව භූමියේදී විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 02 August 2018
ගාලු බන්ධනාගාරයේ පහසුකම්වලට වඩා රැඳවියන් සිටිමෙන් ගැටලු රැසක් ගාල්ල බන්ධනාගාරයේ පහසුකම් තිබෙන ප්‍රමාණය මෙන් හය ගුණයක පමණ ප්‍රමාණයක් රැඳවියන් සිටීම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බවත් මත්ද්‍රව්‍ය හා ජංගම දුරකථන බන්ධනාගාරය තුළට රහසින් ගෙන ඒම පාලනය කිරීම ඉතා අසීරු වී ඇති බවත් ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා පවසයි. 02 August 2018
වෑන් රිය පෙරලී තරුණයෙක් මරුට වෑන් රථයක් පෙරලී යාමෙන් එහි ගමන් ගත් 21 හැවිරිදි තරුණයකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (2) අලුයම මිය ගොස් ඇති අතර වෑන් රථයේ රියදුරා තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව හික්කඩුව පොලිසිය කියයි. 02 August 2018
මාතර-හම්බන්තොට අධිවේගී මඟ ඉදිකළ යුතු නැති ව්‍යාපෘතියක් මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ ඉදි කිරීම තව වසර 4 කින් වත් ක්‍රියාත්මක කළ යුතු නැති ව්‍යාපෘතියක් යැයි රජයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ. 02 August 2018
පුදුකුඩිඉරිප්පුවේ දැව ජාවාරමක් වටලයි මුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ දී නිවසක් තුළ මහපරිමාණයෙන් සිදුකරගෙන ගිය දැව ජාවාරමක් වැටලීමටට පුදුකුඩිඉරිප්පු පොලීසිය සමත්විය. 02 August 2018
දඹුලු ක්‍රීඩාංගණයේ ගැටුමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අවසන් වූ තරගයක් සමඟ පොලිසිය හා ක්‍රීඩාලෝලීන් අතර ඇතිවූ ගැටුමකින් පොලීසියෙන් පහර කෑමට ලක්ව තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර 02 August 2018
දෙදරු පියා ඝාතනය කළ බෑනා අත්අඩංගුවට පිටිගල වත්තහේන ජනසවි මාවතේ නිවසක් තුළදී වු දෙදරු පියාගේ ඝාතනයට සම්බන්ධව සැකපිට ඔහුගේ බෑනා අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය කියයි. 02 August 2018
කේරළ ගංජා සමඟ අයෙක් මන්නාරමෙන් අල්ලයි මන්නාරම උලුක්කුලම ප්‍රදේශයේ කළ වැටලීමකදී ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සැකකරුවකු සමඟ අත්ඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 02 August 2018
‘වෙන්නප්පුව ප්‍රා.සභාවට අයත් ඉඩමක අනවසරෙන් කම්බි ගහලා’ දන්කොටුව ජයකොඩි ක්‍රීඩාංගණය අසල වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා ඉඩමකට පුද්ගලයෙක් බලහත්කාරයෙන් කම්බි ගසා ව්‍යාජ ඔප්පුවක් සැකසීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා පවසයි. 02 August 2018
අම්පාර දිසාපතිගේ ස්ථානමාරුවට විරෝධය අම්පාර දිසාපති තුසිත පි වනිගසිංහ මහතා ස්ථාන මාරුකිරිමට විරෝධය පාමින් මහා සංඝරත්නය රාජ්‍ය සේවකයින් සහ ගොවි සංවිධාන නියෝජිතයින් අද (2) අම්පාර නගරයේ විරෝධතාවයක් ඇරඹුහ. 02 August 2018
පොලිතීන් භාවිතය අවම කරන්නැයි තලවිල එන බැතිමතුන්ගෙන් ඉල්ලයි පොලිතීන් සහ ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ සහ හලාවත මුන්නේෂ්වරම දේවාලයේ මංගල්‍යයන් වලට සහභාගී වන බැතිමතුන්ගෙන් තමන් ඉල්ලීමක් කරන්නේ යැයි පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා පැවසීය. 02 August 2018
යතුරුපැදි-ලොරි අනතුරින් ගායකයෙක් මරුට හලාවත - කොළඹ මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි. 02 August 2018
මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට පුත්තලම පොලීසිය සහ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පුත්තලම ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය. 02 August 2018
ජනමාධ්‍ය විශිෂ්ඨතා උළෙල - 2017 ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කළ 19 වැනි ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල - 2017 ගල්කිස්ස මහ හෝටලයේ දී ඊයේ රාත්‍රී පැවැත්විණි. 01 August 2018
අපනයන ගම්මාන 5000ක් හදන්න යයි දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්ම ආවරණයවන පරිදි අපනයන ගම්මාන 5,000ක් ඉදිකිරීමට සමාජ සුබසාධන හා ප්‍රථමික කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර ඇත. 01 August 2018
වසර 5කට පෙර අරාබියට ගිය කාන්තාව ගැන තොරතුරක් නැතිලු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි රැකියාව සඳහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවක පිළිබදව තොරතුරක් ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. 01 August 2018
අම්පාර දිසාපති මාරු කළාට විරෝධය අම්පාර දිසාපති තුසිත පී වනිගසිංහ මහතා අම්පාර දිස්ත්‍රික්කයෙන් මාරු කර යැවීමට විරෝධය පාමින් දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවිර දිසානායක මහතා ඇතුලු පිරිසක් අම්පාර නගරයේ විරෝධතාවක් පැවැත්වූහ. 01 August 2018
පුරුක් පණු රෝගයෙන් කුඹුරු අක්කර 8000 ක් විනාශයි මැදිරිගිරිය කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ කුඹුරු අක්කර 13500 න් කුඹුරු අක්කර 8000 පමණ පුරුක් පණු රෝගය හේතුවෙන් විනාශ වී ඇති බවට ගොවීහු චෝදනා කරති. 01 August 2018
තරුණියට හදිකළ කපුවා කපෝති - වසර 9ක් හිරේට හැර ගිය පෙම්වතා යලි ගෙන්වා දෙන බවට පොරොන්දු වී ගුරුකමක් සිදු කරන මුවාවෙන් තරුණියක අපයෝජනය කළ කට්ටඬියකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා වසර නවයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද නියම කළේය. 01 August 2018
තෝපුර් හි නිවසක කැණීම් කළ සිව් දෙනෙක් කොටු වෙති මුතුර් පොලිස් වසමට අයත් තෝපුර් ප්‍රදේශයේ නිවසක් තුළ නිධානයක් ගැනීමේ අරමුණෙන් අනවසර කැණීමක් සිදු කරද්දී පුද්ගලයන් සිව් දෙනෙකු අද (1) අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 01 August 2018
මත්ද්‍රව්‍ය අලෙවියේ සිටි තරුණයෙක් අත්අඩංගුවට මාදම්පේ ගලහිටියාව ප්‍රදේශයේ තරුණයන් මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය 18 වැනි වියේ පසුවන තරුණයකු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය කියයි. 01 August 2018
වැඩබිමකින් ඉන්ධන සොරා ගත් 6 ක් අත්අඩංගුවට තංගල්ල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් සිදුකළ වැටලීමකින් පසුව ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට ප්‍රදේශයේ වැඩබිම් වලට පැන මුරකරුවන් බිය ගන්වා ඉන්ධන පැහැර ගැනීමට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් 6 දෙනෙකු අද (1) අම්බලන්තොට දී අත්අඩංගුවට ගනු ලැබීය. 01 August 2018
බෙලි ගෙඩිය පිපිරීමෙන් 6 හැවිරිදි දරුවාට තුවාල බෙලි ගෙඩියක් ලිපේ දමා සෙල්ලම් කරමින් සිටි දරුවෙකු එය පුපුරා යාමෙන් බරපතල තුවාල ලබා අද (1) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුලත් කර ඇත. 01 August 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025