(ජුඩ් සමන්ත)
හලාවත - කොළඹ මාර්ගයේ බණ්ඩාරවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ හලාවත - මල්වත්ත පදිංචිව සිටි අඛිල ශිරන්ත ප්‍රනාන්දු (අවු:33) නම්වූ අයෙකි. ඔහු හලාවත ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක ගායකයකු ලෙස කටයුතු කළ අයෙකි.
තවත් වාහනයක් පසුකර යාමට උත්සාහ කරන විට ඉදිරියෙන් පැමිණ ඇති ලොරියක යතුරු පැදිය ගැටී ඇති බව පොලීසිය කියයි.
අනතුරින් තුවාල ලබා සිටි යතුරුපැදිකරු එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇත.
අනතුරට සම්බන්ධ ලොරිය සහ එය පැදවූ රියදුරු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd