(ජුඩ් සමන්ත)
පුත්තලම පොලීසිය සහ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පුත්තලම ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.
1 වැනිදා පුත්තලම වානපාර ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරුවන් සතුව තිබී හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 10 යි මිලි ග්‍රෑම් 500 ක්, අයිස් මත් කුඩු ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 400 ක් සහ කේරල ගංජා කිලෝ ග්‍රෑම් 1 යි ග්‍රෑම් 500 ක් වැටලීම කළ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 සහ 20 වියේ පසුවන බව පොලීසිය කියයි.
සැකකරුවන් පිටස්තර ප්‍රදේශ වලින් මත් ද්‍රව්‍ය පුත්තලමට ගෙනවිත් බෙදා හැරීම සිදු කර ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇත.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd