IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුත්තලමේ පීඑච්අයිලා ලෙඩ නිවාඩු දමති


 
 
ජුඩ් සමන්ත
 
පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 3 වැනි දා අසනීප නිවාඩු ලබාගෙන සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටී.


තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ පසුගිය මාර්තු මංගල්‍යයේ සෞඛ්‍ය රාජකාරිවල නිරත වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මෙතක් අතීකාල දීමනා නොගෙවීම සහ එම දීමනාව කප්පාදුවකින් පසුව ගෙවීමට වයඹ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබීම මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට හේතුව බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.


තලවිල දේවස්ථානයේ මංගල්‍ය සමයේදී සෞඛ්‍ය රාජකාරි සඳහා යොදවන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොට්ඨාස 6 කට වෙන් කර එම භූමියේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම,මැසි මදුරුවන් සඳහා කෘමි නාශක යෙදීම සහ තාවකාලික ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කිරීම ඇතුළු රාජකාරි කටයුතු සිදු කරනු ලබයි.


වෙනත් වසර වලදී තලවිල විශේෂ රාජකාරි සඳහා අනියුක්ත කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අතීකාල දීමනා ගෙවීම් සිදුකර ඇතත් පසුගිය මාර්තු මංගල්‍යයට සහභාගී වූ නිලධාරීන්ගේ අතිකාල දීමනා නොගෙවා සිටීම සහ ගෙවීමට තීරණය කර ඇත්තේ ද කප්පාදුවකින් පසුව වීම වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමට හේතුව බවද උපුල් රෝහණ මහතා පැවසීය.


මෙම තත්ත්වය නිසා මෙම අගෝස්තු මාසයේ පැවැත්වෙන තලවිල මංගල්‍ය රාජකාරි වලින් ඉවත් වීමටත්, එම භූමිය තුළ කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පමණක් යෙදවීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.


තලවිල දේවස්ථානයේ මංගල්‍ය සදහා ලක්ෂ 05 ක පමණ බැතිමතුන් ප්‍රමාණයක් සහභාගි වන අතර,මංගල්‍යට පෙර 50,000 කට අධික බැතිමතුන් ප්‍රමාණයක් කඳවුරු ලා ගෙන එම භූමිය තුළ සිටිති.

මෙම තත්ත්වය තලවිල පුජා භූමියේ සෞඛ්‍ය තත්ත්වයට ද දැඩි බලපෑමක් එල්ල කර තිබේ. පසුගිය 29 වැනි දා ආරම්භ වූ තලවිල දේවස්ථානයේ මංගල්‍ය සමය ලබන 05 වැනිදා අවසන් වීමට නියමිතය.
 



අදහස් (0)

පුත්තලමේ පීඑච්අයිලා ලෙඩ නිවාඩු දමති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site