හමුදා සෙබළා මැරූ පුද්ගලයාට මරණ දඬුවම පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්න්ධයෙන් විත්තිකරුවෙකුට එරෙහිව පවරා තිබූ නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිකලරත්න මහතා විත්තිකරු මිනි මැරිමේ චෝදනාවට වරදකරු බවට තිරණය කොට අද (09) මරණිය දණ්ඩනය නියම කළේය. 09 August 2018
අනුරාධපුර නගරයේ ගම්මාන 9 ක ජනතාව නිහඬ විරෝධතාවයක අනුරාධපුර විහාරගම ප්‍රදේශයේ පදිංචි ගම්මාන නවයක ජනතාව තමන් පදිංචිව සිටින ඉඩම් සඳහා බිම් සවිය යටතේ ඔප්පු ලබා දෙන ලෙස ඉල්ලා අනුරාධපුර ඩි.එස්.පිළිරුව ඉදිරිපිට අද (08) නිහඬ විරෝධතාවයක නිරත වූහ. 08 August 2018
ජයන්තිපුර දුරකතන කුලුනක් ළඟ අත්බෝම්බයක් පොලොන්නරුව, ජයන්තිපුර, තඹලවැව පන්සල පාරේ පිහිටි දුරකතන සංඥා කුලුනක් අසල තිබී ජීව අත්බෝම්බයක් අද (08) සවස හමුවූ බව මින්නේරිය පොලිසිය කියයි. 08 August 2018
ආලංකුලම - හග්ගමුව ගම්වාසීහු උද්ඝෝෂණයක අනුරාධපුර - ආලංකුලම හග්ගමුව මාර්ගය තාර දමා අළුත්වැඩියා කර දෙන ලෙස ඉල්ලා ගම්වාසින් පිරිසක් අද (08) ආලංකුලම හන්දිය ඉදිරිපිට ගම්වාසිහු පිරිසක් උද්ඝෝෂණයක නිරත වුහ. 08 August 2018
මත්තල විකුණන්න දෙන්නේ නෑ - ලෙස්ලි දේවේන්ද්‍ර මත්තල ගුවන් තොටුපොළ කිසිදු රටකට විකිණීමට ගුවන්තොටුපොළ වෘත්තීය සංගම් ඉඩ නොතබන බව ජනාධිපතිගේ හිටපු වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සහ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලේස්ලි දේවේන්ද්‍ර මහතා (08) දින කටුනායක ගුවන්තොටුපලේදි කීවේය. 08 August 2018
ත්‍රී‘මලේ ධීවරයෝ විරෝධතාවයක නැගෙනහිර මුහුදේ සිදු කෙරෙන නිතිවිරෝධි පන්න ක්‍රම වලට එරෙහිව අද (8) මුහුදු රැකියාවේ නොගිය ත්‍රිකුණාමලය ධීවර කාර්මිකයෝ තහනම් පන්න ක්‍රම වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි කියමින් 08 August 2018
අලි-මිනිස් ගැටුම් වලින් වසර පහක දී 375 ක් මරුට පසුගිය වසර පහ තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් පුද්ගලයින් 375කගේ සහ අලි ඇතුල් 1,177කගේ ජීවිත අහිමි වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. 08 August 2018
ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ගුණ සැමරේ යාපනය ආරාලි තුඩුවේදි කොටි ත්රස්වාදින්ගේ බිම් බෝම්බයකට හසු විමෙන් 1992 අගෝස්තු 8 වැනි දා අභාවප්‍රාප්ත වු සෙන්පති ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ 26 වැනි ගුණසැමරුම් උත්සවය අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඉදිකර පිළිරුව අභියසදී අද (8) උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි. 08 August 2018
අ’පුරේ ඉඩම් විහාර දේවාලගම් පනතට පවරා ගැනීමට එරෙහිව විරෝධයක් අනුරාධපුර ශ්‍රී මහා බෝධිස්ථානයට සේවා සපයන විහාර ගම්මාන නවයකට අයත් ග්‍රාම නිලධාරීවරු තිදෙනෙක් ජනතාව සිය පාරම්පරික ඉඩම් විහාර දේවාලගම් පනත යටතට පවරාගැනීමට එරෙහිව අද (8) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වුහ. 08 August 2018
ලක්ෂ 12 ක කොස් දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට දෙනිපිටිය ප්‍රදේශයේ සිට කඹුරුගමුව ප්‍රදේශය දක්වා බලපත්‍ර රහිතව රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා කොස් දැව කඳන් ප්‍රවාහනය කරමින් තිබූ දොඹකරය සහිත ලොරි රථයක් එහි රියදුරු සමඟ නිදන්ගල අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 August 2018
සූදූ පොළක් වටලා දෙදෙනෙක් අත්අඩංගුවට නවගත්තේගම හුරුළුවැව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය බව කියන සූදු පොලක් වටළා සැකකරුවන් දෙදෙනෙකු සමඟ රුපියල් 2,300ක හා යතුරුපැදි 3ක් සැකපිට අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 08 August 2018
අහංගම තැපැල් කාර්යාලය හොරු පනිති අහංගම ප්‍රධාන තැපැල් කාර්යාලය සොරු බිඳ ඇතැයි අහංගම පොලිසිය පවසයි. 08 August 2018
පුත්තලම 24 වැනි ආදර්ශ ගම්මානයට මුල් ගල තියයි පුත්තලම දිස්ත්‍රික්කයේ ඉදිවන 24 වැනි ආදර්ශ ගම්මානය සඳහා මුල් ගල් තැබීම අද දින (7)පස්වරුවේ,තලවිල කල්කුඩාවේ දී සිදු විය. 07 August 2018
ට්රැක්ටරය පෙරලී රියැදුරා එයටම යටවී මියයයි අම්පාර පැරණි වලතාපිටිය වැව් වේල්ලේදී අද (07) ට්‍රැක්ටරයක් පෙරලීයාමෙන් එහි රියැදුරා එයටම යටවීමෙන් විතක්ෂයට පත්වූ බව සමන්තුර පොලීසිය කියයි. 07 August 2018
‘පැසිෆික් ඒන්ජල් 2018’ මානුෂීය වැඩසටහන අනුරාධපුරයේදී ඇරඹෙයි ‘පැසිෆික් ඒන්ජල් 2018’ යටතේ ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය බහුජාතික හවුල්කරුවන් හා එක්ව පවත්වන මානුෂීය වැඩසටහන් පෙළක් සඳුඳා (6) අනුරාධපුරයේදී ආරම්භ කෙරුණි. 07 August 2018
තේ ගස් කපන පිහියකින් කපා අයෙක් ඝාතනය කරලා දෙපාර්ශවයක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් තේ ගස් කපන පිහියකින් කපා කොටා එක් දරු පියෙකු අද (7) පස්වරුවේදී ඝාතනය කර ඇති බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 07 August 2018
සමෘද්ධි නිලධාරීන්ගේ දීමනා මාස ගණනකින් ගෙවලා නෑ සමෘද්ධි නිලධාරීන්ට හිමි ගමන් වියදම් දීමනාව හා කාර්යාල දීමනාව මාස ගණනක් තිස්සේ ලබා නොදීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 07 August 2018
දිස්ත්‍රික් මට්ටමින් සාමසාධක බළකා පිහිටුවීමට තීරණයක් ජාතික සමගිය,සංහිදියාව සහ සහජීවනය ඇති කිරිම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ‘සාමසාධක බළකා’ පිහිටුවීමට රජය තීරණය කර ඇත. 07 August 2018
ගිනිඅවි - මුවමස් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට දඩයම් කරන ලද මුවෙකුගේ ශරීර කොටස් හා මෙරට නිෂ්පාදිත ගිනි අවි 3ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නවගත්තේගම රජවිගම නිකවැව රක්ෂිත ප්‍රදේශයේ දී අද (7) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය කියයි. 07 August 2018
රන්මාල කැඩු දෙදෙනෙක් වවුනියාවෙන් අල්ලයි යතුරුපැදිවලින් ගොස් තියුණු ආයුධ පෙන්වා කාන්තාවන්ගේ ගෙලබැඳි මාල කැඩූ කොල්ල කල්ලියක සාමාජිකයින් දෙදෙනකු අද (7) වවුනියාව නගරයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 07 August 2018
වල්අලි බැදිවැව ගම්මානයට කඩා වැදී කලබල කරති පොලොන්නරුව බැදිවැව ප්‍රදේශයට අද (7) කඩා වැදුණු වල් අලියකු ගම්මුන් බිය වද්දමින් විශාල කලබලයක් කර ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 07 August 2018
අම්පිටිකන්ද රක්ෂිතයේ ගින්නකින් අක්කර 10 ක් විනාශයි වැලිමඩ දඹවින්න අම්පිටිකන්ද රක්ෂිතයේ අද අලූයම (7) ඇතිවු ගින්නකින් අක්කර දහයක් පමණ භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි. 07 August 2018
බදුල්ල කිරි අසාත්මික වී මවත් දුවත් රෝහලේ කිරි සිරුරේ ගෑවීමෙන් හටගත් අසාත්මිකතාවක් හේතුවෙන් ආසාදන තත්වයට පත් තල්දෙන එගොඩවෙල ගම්මානයේ මවක් හා දියණියක් අද (7) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත. 07 August 2018
නිදන් හෑරීමට ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට කතරගම සෙල්ලකතරගම ඩෝසර් වැව රක්ෂිතයේ නිදන් හෑරීමට යමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු හම්බන්තොට විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 07 August 2018
කඩු ප්‍රහාරයෙන් වෙන්ව ගිය අත කරාපිටියේදී බද්ධ කරයි කඩු ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයකුගේ වම් අතේ මැණික් කටුවට පහලින් වෙන්ව තිබු කොටස සාර්ථක සැත්කමකින් පසු යලි බද්ධ කිරිමට කරාපිටිය ශික්ෂණ රෝහලේ නහර හා අවයව බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍යවරුන් සමත්ව ඇත. 06 August 2018
දකුණේ සෞඛ්‍ය ආයතනවලට මිලියන 110ක වාහන දකුණු පළාත් සෞඛ්‍ය අංශය සඳහා රුපියල් මිලියන 110 ක් වටිනා වාහන සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්ට ලබා දීම දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා විසින් අද(06)දින ගාල්ල ලබුදූව දක්ෂිණ පාය අමාත්‍යාංශ සංකීර්ණයේ දී සිදු කෙරිනි. 06 August 2018
හෙරොයින් ග්‍රෑම් 12 ක් ළඟ තබා ගත් අයෙක් රිමාන්ඩ් මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයෙන් නිවසක් කුලියට ගෙන මිනුවන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශවල හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා හෙරොයින් ග්‍රෑම් 12 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ලබන 06 August 2018
කල්ලියක් සීගිරි ලැගුම්හළකට පැන සංචාරකයන්ගේ මුදල් කොල්ල කති සීගිරිය ප්‍රදේශයේ සංචාරකයන් ලැගුම්ගෙන සිටි හෝටලයකට ඇතුළු වූ පිරිසක් විදේශීය සංචාරකයන් බියගන්වා පහර දී ඔවුන් සතු මුදල්, දේපල කොල්ලකා පලාගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි. 06 August 2018
වාලම්පුරි සමඟ හිමිනමක් ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට වාලම්පුරි දෙකක් සමඟ හිමිනමක් සහ තවත් පුද්ගලයකු මාතර බස් නැවතුම්පොළ ඉදිරිපිට මුහුදු වෙරළ තීරයේදී කොටවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 August 2018
මන්නාරමේ අවධිමත්ව විදුලි විසන්ධියට විරෝධතාවයක් මන්නාරම නගරයේ අවිධිමත්ව කිසිදු දැනුම් දීමකින් තොරව දිනපතා සිදු කෙරෙන විදුලි විසන්ධි කිරීම් වලට විරෝධය පා ප්‍රදේශයේ ආගමික නායකයින්,දේශපාලඥයින් හා සාමාන්‍ය වැසියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මන්නාරම නගර මධ්‍යයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණි. 06 August 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025