(සුමතිපාල දීයගහගේ)
කතරගම සෙල්ලකතරගම ඩෝසර් වැව රක්ෂිතයේ නිදන් හෑරීමට යමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු හම්බන්තොට විශේෂ වැටලීම් ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පිරිස විසින් නිදන් හෑරිමට රැගෙන යමින් තිබු උදලු සහ අලවංගු කීපයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.
මොවුන් සිව්දෙනා ඩෝසර් වැව රක්ෂිතයේ නීති විරෝධි ලෙස නිදන් හෑරිමට යන බවට ලැබුණ තොරතුරක් මත අතරමගදී පොලිස් විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අවුරුදු 52, 35, 32 සහ 27 යන වයස්වල පසුවන මොවුන් සියලුදෙනාම කතරගම පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් අද (7) තිස්සමහාරාමය අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නිදන් හෑරීමට ගිය සිව් දෙනෙක් අත්අඩංගුවට