යාපනයේ යතුරුපැදි දෙකක් ගැටී තරුණයෙක් මරුට යාපනය, කෝපායි, ඉරුපාලෙයි ප්‍රදේශයේ සිදුවු යතුරුපැදි අනතුරකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයකු බරපතල තුවාල ලබා ඇති බව යාපනය කෝපායි පොලීසිය පවසයි. 13 August 2018
පලංචියකින් වැටී අයෙක් මරුට අක්මිමන වළහන්දුව ප්‍ර දේශයේ ගොඩනැගිල්ලක පින්තාරු කටයුතු වල නිරත වෙමින් සිටි පින්තාරුකරුවෙකු පලංචියකින් ඇද වැටිමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද (12) පස්වරුවේදි මියගොස් ඇති බැව් රෝහල් පොලිසිය පවසයි. 12 August 2018
යෞවනයන් වෙනුවෙන් නව නිර්මාණ අරමුදලක් නිර්මාණශීලී නව යෞවනයන් වෙනුවෙන් නව නිර්මාණ අරමුදලක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (12) පැවසීය. 12 August 2018
ලොරි -වෑන් අනතුරින් 6ක් රෝහලේ බලන්ගොඩ කල්තොට ප්‍රධාන මාර්ගයේ කුමාරගම මංසන්ධියේ දි අද (12) දා පස්වරුවේ ලොරි රථයක් සහ වැන් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් කුඩා දරැවෙක් ඇතුළු හය දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි . 12 August 2018
හොර සිගරට් සමඟ අයෙක් අත්අඩංගුවට තිරුබදු රහිතව මෙරටට ගෙන්වනු ලැබු සිගරට් තොගයක් ළග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු මාගාල්ල දෙවට ප්‍ර දේශයේ දි හා බලපිටිය යන ප්‍ර දේශයේ දි අත්අඩංගුවට ගත් බැව් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ දකුණු පළාත් ඒකකය පවසයි. 12 August 2018
ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට තංගල්ල බෙලිඅත්ත පාරේ නලගම ප්‍රදේශයේදී මෙරට නිශ්පාදිත ගිණි අවියක් සමඟ පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 12 August 2018
පස් කන්දකට යට වු අයෙක් රෝහලේ ගෙපොලක් කපමින් සිටියදී පස් කන්දක් කඩා වැටී ඊට යටවී බරපතල තුවාල ලැබූ පස්සර ඇකිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (12) දහවල් මීගහකිවුල රෝහලට ඇතුළු කළ පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළු කර තිබේ. 12 August 2018
කැනඩා රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට අහුංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක චිවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් තරුණයින්ට කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි හතරක් පමණ වංචා සහගත ලෙස ලබාගෙන ප්‍රදේශයෙන් පලාගොස් සැගව සිටි අයෙකු පෙරේදා (11 )මාරවිල සංචාර හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 12 August 2018
පිලිස්සි මිය ගිය අයකුගේ සිරුරක් පැලකින් හමුවෙයි තණමල්විල සූරියආර කිවුල ප්‍රදේශයේ හේනක පැලක තිබී පිලීස්සීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (12) සොයා ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි. 12 August 2018
වැටලීමකට ගිය වන නිලධාරීන්ට ප්‍රහාරයක් විල්පත්තුව ජාතික උද්‍යානයට අයත් විලච්චිය වන සත්ව අඩවියට නීති විරෝධීව ඇතුළු වී නිදන් හාරමින් සිටි බව කියන පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේදී එම සැකරුවන් සිදු කළ පහරදීමකින් තුවාල ලැබූ වනජීවී නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා විලච්චිය රෝහලට ඇතුළත් කළ බව විලච්චිය වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. 12 August 2018
බදුල්ලේ වෙළෙඳසල් කිහිපයක ගින්නකින් අයෙක් මරුට බදුල්ල නගරයේ කොකෝවත්ත වීදියේ තිබු වාහන අමතර කොටස් අලෙවි කළ තෙමහල් ගොඩනැගිලි දෙකක් අද (12) අලුයම 1.45ට පමණ ගිනිගැනීමෙන් සම්පුර්ණයෙන්ම විනාශයට පත් වු අතර එක් වෙළදසැලක හිමිකරුවකු ගින්නෙහි පිපිරීමකට හසුවී බරපතල තුවාල ලබා මිය ගිය බව පොලීසිය කියයි. 12 August 2018
හල්දුම්මුල්ල රජයේ වන වගා බිමක හදිසි ගින්නක් හල්දුම්මුල්ල සීලතැන්න රජයේ වන වගා බිමක අද (11) සවස ඇතිවූ ගින්නකින් අක්කර 50ක පමණ ප්‍රදේශයක් විනාශ වූ බව හල්දුම්මුල්ල පොලීසිය කියයි. 11 August 2018
ත්‍රිරෝද රථ අනතුරින් තිදෙනෙකුට බරපතල තුවාල මහියංගණයේ සිට මනම්පිටිය දක්වා ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් අද සවස 4.30 ට පමණ දළුක්ගහ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක වැදී සිදුවූ අනතුරින් එහි ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා මනම්පිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරඇති බව අරලගංවිල පොලිසිය කියයි. 11 August 2018
කුඹුක් ලෑලි තොගයක් අත්අඩංගුවට සෝමාවතිය ජාතික වනෝද්‍යානයෙන් කපා ඉරන ලද රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමකින් යුතු කුඹුක් ලෑලි තොගයක් කොළඹට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබියදී මැදිරිගිරිය පොලිසිය විසින් සැකකරුත් සමග ලෑලි තොගය අත්අඩංගුවට ගෙන ඇත. 11 August 2018
නිති විරෝධී කූඩු දැල් තොගයක් වටලයි කල්පිටිය පල්ලිවාසල්තුරේ කළපුතීරයේ අටවා තිබූ නිති විරෝධී කූඩු දැල් කට්ටල 21 ක්,අද (11 ) කල්පිටිය විජය නාවික හමුදාවේ සහායෙන්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ඇත. 11 August 2018
නීතිවිරෝධීව තබාගත් ගවයින් කිරි ගොවියන් අතර බෙදාදෙයි තලාතුඔය පොලීසිය මගින් අත් අඩංගුවට ගත් හොර හරක් දහ අට දෙනෙකු (18) ප්‍රදේශයේ කිරි ගොවීන් අතර බෙදාදීමක් අද (11) තෙල්දෙණිය දිස්ත්‍රික් 11 භාර සහකාර පොලිස් අධිකාරි ආර්.එම්. කීර්ති නිහාල් රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් තලාතුඔය පොලීසියේදි සිදු කෙරිනි. 11 August 2018
වෘත්තිය සමිතියක් කළ අසාධාරණම හා මිලේච්ඡතම වැඩ වර්ජනය දුම්රිය රියදුරන්ගේ වර්ජනයයි - අමාත්‍ය මහින්ද අම මේ රටේ වෘත්තිය සමිතියක් කළ අසාධාරණම හා මිලේච්ඡතම වැඩ වර්ජනය මෙවර දුම්රිය රියදුරන් සිදුකළ වර්ජනය බවද එය ඇතැම් දේශපාලනඥයින් මෙම වැඩවර්ජනය සදහා යටිඋල්පන්දම් දෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 11 August 2018
වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩවර්ජනයක වයඹ පළාත තුළ සේවය කරන සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට ක්ෂෙත්ර රාජකාරි වලින් ඉවත්වී සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. 11 August 2018
බදුලු ප්‍රා.සබේ මන්ත්‍රීවරු කළුපටි බැඳ විරෝධයක බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී (එජාප) බාලක්‍රිෂ්ණන් මුරලිදරන් මහතාට බදුල්ල 2 කණුව ප්‍රදේශයේ දී එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිමින් අද (10) පැවති බදුල්ල ප්‍රාදේශීය සභා මාසික රැස්වීමට මන්ත්‍රීවරුන් කළුපටි බැඳගෙන සභාවට පැමිණ විරෝධතාවයේ යෙදුණහ. 10 August 2018
යාපන මුහුදේ නාන්න ගිය සිසුවා මරුට යාපනය කරෙයිනගර් කෝවලන් මුහුදු තීරයේදී අද (10) සවස සිසුන් පිරිසක් දිය නෑමට ගොස් ජල ක්‍රීඩාවේ යෙදී සිටියදී 10 වසර සිසුවෙකු දියේ ගිලී මිය ගොස් ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි. 10 August 2018
‘කාන්තාවන්ට ශක්තියක් වෙන්න ආණ්ඩුවට හැකියාව ලැබුණා’ මෙයට පෙර තිබූ කිසිම ආණ්ඩුවක් යටතේ කාන්තාවන් ශක්තිමත් කරන්න කිසිදු වැඩකටයුත්තක් සිදුකර නොමැති බවත් බිම් මට්ටමේ කාන්තාවන්ට නොලැබුණු ශක්තියක් ලබාදිමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී අද (10) පැවසීය. 10 August 2018
අල්ලස් ගත් කල්කුඩා පොලිසියේ හිටපු ලොක්කා යළි රිමාන්ඩ් පාරිසරික වාර්තාවක් සදහා අවශ්‍ය පොලිස් වාර්තාවක් ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ පහක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගත් බව කියන කල්කුඩා පොලිසියේ හිටපු වැඩබලන 10 August 2018
අලුත්ගම පාලු නිවසකින් ගිනි අවියක් අලුත්ගම ප්‍රදේශයේ පාලු නිවසක පොහොර උරයක දමා සඟවා තිබු ටී.56 වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බව සංවිධානාත්මක අපරාධ නිවරාණ කොට්ඨාසය කියයි. 10 August 2018
වාලම්පුරියක් සමඟ කට්ටඬියකු අත්අඩංගුවට වාලම්පුරියක් තම සන්තකයේ තබාගෙන සිටි යාගහෝම කරන ලබන කට්ටඩියකු අද (09) සවස වලහන්දූවේදී සැකපිට අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලීසිය කියයි. 09 August 2018
සූර්ය බලාගාර සේවකයෙක් වනජීවි නිලධාරින්ගේ අත්අඩංගුවට හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන සූර්ය බලාගාරය ආසන්නයේ වන සතුන් දඩයම් කිරීම සඳහා කම්බි උගුල් අටවමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබීය. 09 August 2018
මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට විද්‍යුත් ක්‍රමයකට මත්කුඩු ජාවාරම් කළ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ මත්කුඩු බෙදාහරින ගෝලයකු බදුල්ල කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 August 2018
ලිදුල වතුකම්කරුවෝ උද්ඝෝෂණයක වැටුප් අඩුවෙන් ගෙවන ලදැයි පවසමින් ලිඳුල, අග්‍රාකන්ද වත්තේ පැසිපන් කොටසේ වතු කම්කරුවන් අද (9) උද්ඝෝෂණයක නිරතවුහ. 09 August 2018
වෛද්‍යවරයා පහර දුන්නැයි 91 හැවිරිදි මවගෙන් පොලිසියට පැමිණිල්ලක් ඇසකට කාචයක් බද්ධ කරන්නට ගිය 91 ක් හැවරදි මවකට හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයෙකු උපකරණයකින් නළලට කිහිප වරක් පහර දීමේ සිද්ධියක් සම්බන්ධව වලස්මුල්ල රෝහල් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය පවසයි. 09 August 2018
ලිඳුල උප සභාපති අත්අඩංගුවට තලවකැලේ- ලිඳුල නගර සභාවේ උප සභාපති අද (9) අත්අඩංගුවට ගත් බව තලවාකැලේ පොලිසිය පවසයි. 09 August 2018
මාතර- හක්මන පාර පැය 12 ක් වහයි මාතර බෙලිඅත්ත නව දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මාතර-හක්මන ප්‍රධාන මාර්ගයේ දුම්රියපොළ පාරට හැරෙන හන්දියේ සිට ගබඩාවීදිය දක්වා වු කොටස සෙනසුරාදා (11) රාත්‍රී 8.00 සිට 09 August 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025