IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැටලීමකට ගිය වන නිලධාරීන්ට ප්‍රහාරයක්

(ජයරත්න වික්‍රමාරච්චි)


විල්පත්තුව ජාතික උද්‍යානයට අයත් විලච්චිය වන සත්ව අඩවියට නීති විරෝධීව ඇතුළු වී නිදන් හාරමින් සිටි බව කියන පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේදී එම සැකරුවන් සිදු කළ පහරදීමකින් තුවාල ලැබූ වනජීවී නිලධාරීන් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා විලච්චිය රෝහලට ඇතුළත් කළ බව විලච්චිය වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.


විලච්චිය වනසත්ව අඩවි ආරක්ෂක ආර්.ඩී. ඩී.එම්. ජයවීර මහතා සහ වන සත්ව කේෂ්ත්‍ර සහයක ලසන්ද සිල්වා යන අය මෙසේ රෝහල් ගත් කළ බවද එම කාර්යාලය පවසයි.


කිසියම් පිරිසක් අදාළ ප්‍රදේශයේ කැණීමක් සිදුකරන බවට ලද තොරතුරකට අනුව මෙම වැටළිමක් කළ බවත් එම අවස්ථාවේදී එහි සිටි සැකකරුවන් පිරිස අත් අඩංගුවට ගැනීමට යාමේ දී මෙම පහරදීම සිදුවූ බවත් එම කාර්යාලය පවසයි.


කෙසේ වෙතත් මෙහිදී පොළොව කැණීම සදහා යොදා ගෙන තිබූ උපකරණ තොගයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බවත් එසේ අත් අඩංගුවට ගත් සැකකරු ලබාදුන් තොරතුරු මත සෙසු සැකකරුවන්ද අත් අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් එම කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (0)

වැටලීමකට ගිය වන නිලධාරීන්ට ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site