IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩවර්ජනයක

(ජූඩ් සමන්ත)
වයඹ පළාත තුළ සේවය කරන සියළුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ වන විට ක්ෂෙත්‍ර රාජකාරි වලින් ඉවත්වී සිටින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි.


තලවිල දේවස්ථානයේ මාර්තු මංගල්‍යය අවස්ථාවේ සෞඛ්‍ය රාජකාරි සිදු කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හිමි අතිකාල දීමනා මෙතෙක් ලබා දීමට වයඹ පළාත් සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර නැත. ඊට විරෝධය පල කරමින් පුත්තලම දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තලවිල දේවස්ථානයේ අගෝස්තු මංගල්‍යයේ සෞඛ්‍ය රාජකාරි වර්ජනය කිරීම මුලින්ම සිදු කරන ලදී. පසුගිය 03 වැනිදා ඔවුන් ලෙඩ නිවාඩු වාර්තා කළ අතර,04 වැනිදා සිට ක්ෂේත්‍ර රාජකාරි වලින් ඉවත් විය.


මෙම තත්ත්වය නිසා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන අවට ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා සිදු කරන දූමායන කටයුතුද ඇණ හිට ඇත.


මේ දිනවල ආරම්භ කර ඇති හලාවත - මුන්නේෂ්වරම් දේවාලයේ සෞඛ්‍ය රාජකාරි වලින් ඉවත් වීමටද පසුගිය 07 වැනිදා රැස්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුත්තලම දිස්ත්‍රික් සංගමය තීරණය කරන ලදි.


පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන තම සාමාජිකයින් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියා මාර්ගයට සහාය පල කිරීම සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 10 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරන ලදි.


අද 11 පෙරවරුවේ සිට රාජකාරියට වාර්තා කරන නමුත් ක්ෂෙත්‍ර රාජකාරි වලින් බැහැර වීමට ඔවුන් තීරණය කර ඇත.
පවතින ගැටළුව විසදීම සදහා සෞඛ්‍ය බලධාරීන් තව දුරටත් කටයුතු නොකරන්නේ නම් ඉදිරි සතිය තුළ දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්ෂෙත්‍ර රාජකාරි වලින් ඉවත් වීමටත්,අතුරු වෛද්‍ය සේවා සමග එක්ව වැඩ වර්ජනයක් කරා යාමටත් තම සංගමය සුදානම් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේය.


පුත්තලම දිස්ත්‍රික්කය තුළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 65 දෙනෙකු සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 137 දෙනෙක් සේවය කරති.



අදහස් (0)

වයඹ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැඩවර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site