( ඞී.කේ.රත්න)
තණමල්විල සූරියආර කිවුල ප‍්‍රදේශයේ හේනක පැලක තිබී පිලීස්සීමෙන් මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (12) සොයා ගෙන ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
තණමල්විල සූරියආර කිවුල පදිංචි ඥාණරත්න නැමති හැටහය හැවිරිදි පුද්ගලයෙකු මෙසේ පිළිස්සීමෙන් මිය ගොස් තිබේ.
මෙම පුද්ගලයා වකුගඩු රෝගයෙන් පෙලෙන්නෙකු බැවින් ඒ පිළිබදව ඇතිවු සිත් තැවුලක් මත ඔහු විසින්ම තම සිරුරට ගිනිතබා ගන්නට ඇතයි මියගිය අයගේ බිරිද තණමල්විල පොලීසියට ප‍්‍රකාශ කර තිබේ.
තණමල්විල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සී.එස්.පනාවෙල මහතාගේ උපදෙස් පරිදි තණමල්විල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd