(ශාන්ත චන්ද්‍රසිරි)
වැටුප් අඩුවෙන් ගෙවන ලදැයි පවසමින් ලිඳුල, අග්‍රාකන්ද වත්තේ පැසිපන් කොටසේ වතු කම්කරුවන් අද (9) උද්ඝෝෂණයක නිරතවුහ.
තම වත්ත නිසිලෙස නඩත්තු නොකිරීම නිසා දිනකට කැඩිය යුතු කිලෝ 18 ක තේ දළු ප්‍රමාණය කැඩීමට නොහැකිව ඇති බවත් දිනකට එම ප්‍රමාණයට වඩා කිලෝ එකක්, දෙකක් අඩුවෙන් කැඩීම නිසා වැටුප් ගෙවීමේදී තම වැටුප අඩුකර ගෙවීමට වතුපාලන අධිකාරිය විසින් පියවර ගෙන ඇතැයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් පැවැසුහ.
වතුයාය නඩත්තු නොකිරීම නිසා දිනකට නෙලිය යුතු තේ දළු කිලෝ 18 ඉලක්කයට යෑමට නොහැකිව ඇති බවත් එසේ හෙයින් ඒ සඳහා තමන්ගේ වැටුප අඩුකර ගෙවීම අසාධාරණ බවත් මේ සම්බන්ධයෙන් වගකිය යුතු අංශ සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා සිටින බව උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කීය.


2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිදුල වතුකම්කරුවෝ උද්ඝෝෂණයක