IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වෛද්‍යවරයා පහර දුන්නැයි 91 හැවිරිදි මවගෙන් පොලිසියට පැමිණිල්ලක්


 
 චන්ද්‍රසේන ගමගේ
 
ඇසකට කාචයක් බද්ධ කරන්නට ගිය 91 ක් හැවරදි මවකට හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ   වෛද්‍යවරයෙකු   උපකරණයකින්  නළලට කිහිප වරක් පහර දීමේ සිද්ධියක් සම්බන්ධව වලස්මුල්ල රෝහල් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.
 
වෛද්‍යවරයාගේ පහර කෑමට ලක් වූ කාන්තාව    වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කොට නේවාසිකව ප්‍රථිකාර ගන්නා බව වලස්මුල්ල රෝහල් ප්‍රකාශකයෙක්  පැවසීය.
 
වෛද්‍ය වරයාගේ පහර කෑමට ලක් වු බව පවසන වලස්මුල්ල දළුවක්ගොඩ  පදිංචි කුසුමාවතී කුමාරගේ නම් එම කාන්තාව මෙසේ පැවසුවාය.
 
‘‘හම්බන්තොට රෝහලේ ඇස් පිළිබද ව ප්‍රථිකාර කරන  වෛද්‍යවරයකු  හමුවී ඇස් පරීක්ෂා කර ගත්තා.  ඇසට කාචයක් බද්ධ කරන්න අවශ්‍ය බව පසුව වෛද්‍යවරයා පැවසුවා. ඒ අනුව මම පසු ගිය 07 වැනි දින හම්බන්තොට රෝහලට ඇතුළත් වුණා. කාචය දමන්න මම පසුගිය 08 වැනිදා දහවල් ශල්‍යාගාරයට ගත්තා. මට හිරි වැටෙන බේතක් විද්දේ නෑ.

පසුව ඇහැට කාචය දමන්න හදන කොට මම දැගළුවා කියල ව්‍යෛවරයා යම්කිසි අඩුවකින් මගේ නළලට කිහිප වරක් තදින් ඇනගෙන ගියා. මම කෑ ගැසුවා. පසුව මට අමාරු වුණා. ඒ සම්බන්ධයෙන් මම රෝහල් අධ්‍යක්ෂ වරයාටත් පැමිණිලි කළා . මට දැන් අමාරයි. ඒ නිසා මම  වලස්මුල්ල රෝහලට ඇතුළත් වුණා .‘‘



අදහස් (2)

වෛද්‍යවරයා පහර දුන්නැයි 91 හැවිරිදි මවගෙන් පොලිසියට පැමිණිල්ලක්

Raveendra Thursday, 09 August 2018 10:31 AM

91 ක් හැවරදි මවකට පහරදීමක් ? මෙම ප්‍රවර්තියේ සදහන් සියල්ලම එලෙසම සිදුවී ඇත්නම් මේ සිටින්නේ වෛද්‍යවරයෙක් නොව තිරිසනෙකි. මක්නිසාදයත් වයස 91 ක මවක් යනු වයසක කාන්තාවකි . වෙනත් වචනවලින් පවසන්නේනම් තවත් කෙනෙකුගේ වයසක අම්ම කෙනෙකි .වයසක අම්මෙකුට අපටනම් අතක් උස්සන්න තියා තවත් කෙනෙකුට අනිසි ලෙස පහරක් ගැසීමට කල නොහැක.

:       0       110

dammika Thursday, 09 August 2018 02:14 PM

මම වෛද්‍යවරයෙකු උවද ලංකාවේ වෛද්‍යවරුන්ගේ විශාල පිරිහීමක් දකිනවා. විශේෂයෙන්ම විශේෂඥ දොස්තරලා. ඔවුන් සිතන්නේ හැම මිනිහම ඔවුන්ට පහලින් සිටිය යුතුය යන මතයේ. ඕස්ට්‍රේලියාවේ තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්. හැම විටම රෝගියාට මුලික ස්ථානය ලැබේ. මේ අම්ම කරපු වැඩේ හොඳටම හොඳයි. අපේ අම්ම නර්ස් කෙනෙක් උනාට. විශේෂඥ දොස්තරලා බැනීම නිසා කොතෙක්වත් අඩමින් ගෙදර පැමිණ තියෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site