එෆ්.අස්ලම්
විද්‍යුත් ක්‍රමයකට මත්කුඩු ජාවාරම් කළ ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ මත්කුඩු බෙදාහරින ගෝලයකු බදුල්ල කොට්ඨාස විස මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් පහකට ආසන්න ප්‍රමාණයක්ද පොලිසිය බාරයට ගැණිනි.
මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල විනීතගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ජාවාරම්කරු අත්අඩංගුවට පත් අවස්ථාවේ ඔහු සන්තකයේ තිබූ පැකට් නොකළ හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 260ක් සොයා ගෙන ඇත.
හෙරොයින් සැඟවීම සඳහා යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පැකට් කළ හෙරොයින් පැකට් 14ක් වන හෙරොයින් ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 120ක් සමගිනි.
සැකකරුවන් බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd