IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


යෞවනයන් වෙනුවෙන් නව නිර්මාණ අරමුදලක්

(නිමල කොඩිතුවක්කු)

නිර්මාණශීලී නව යෞවනයන් වෙනුවෙන් නව නිර්මාණ අරමුදලක් ආරම්භ කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද (12) පැවසීය.

එහි මුල් අදියර ලෙස රුපියල් මිලියන 100ක් යෙදවිමට කටයුතු කරන බවත් එම මුදල් මගින් හො`දම නව නිර්මාණ වලට  ආධාර මුදලක් ලබාදීමට කටයුතු කරන බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ නෙලූම් පොකුණ රඟහල් පරිශ‍්‍රයේදි පැවති ජාත්‍යන්තර තරුණ  දින සැමරුම් උළෙළේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.
තරුණ තරුණියන් 3000කගේ පමණ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිිණ සංවර්ධන අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව  හා ශ‍්‍රි ලංකා යෞවන සමාජ සම්මේලනය  එක්ව සංවිධානය කරනු ලබයි.

‘‘ තරුණයින් සදහා සුරක්ෂිත වටපිටාවක් ඇති කිරීම’’ යන තේමාවෙන් මෙවර ජාත්‍යන්තර තරුණ  දින සැමරුම් උළෙළ පැවැත්විණි.

එළිමහන්, තාක්ෂණික හා ව්‍යවසායකත්ව වැඩසටහන් මෙන්ම විනෝදාත්මක වැඩසටහන්  රාශයකින්ද මෙය සමන්විත වූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ විශේෂ නිරීක්ෂණයකටද එම කටයුතු ලක් විය.

ජාත්‍යන්තර තරුණ  දින සැමරුම් උළෙළ සදහා සහභාගී වූ දේශිය සහ විදේශීය තරුණ තරුණියන් සමග සෙල්ෆි ඡුායාරූප වලටද  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පෙනී සිටියහ.
ජාත්‍යන්තර තරුණ  දින සැමරුම් උළෙලේදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

   ‘‘ ගමට කෝටියක් වැඩසටහන මගින් අපි 1500ක  පිරිසකට එම මුදල් ලබා දුන්නා.  ගමේ වැඩ කරන තරුණ, තරුණියන්ට ඉදිරියට යන්න  අපි ඒ ශක්තිය ලබා දීලා තියෙනවා.
මේ වැඩසටහන  ඉදිරියේදි අපි තවත් ශක්තිමත් කරන්න ඉන්නේ. ඊළඟ අවුරුද්දේ  මීටත් වඩා ස්ථීර පදනමකින්  මෙම කටයුත්ත සිදු කරන බවට සාගල රත්නායක  මහතා මට පැවසුවා.
ගමේ වැඩකටයුතු බාරගන්න ඔබේ ශ‍්‍රමය, ඔබේ ශක්තිය, ඔබේ  නායකත්වය  ලබා දෙන්න. ඒකයි අපි මේ අරමුදල් ලබා දෙන්නේ.

අද මම පැමිණ  මෙම ප‍්‍රාදේශ නිරීක්ෂණය  කිරීමේදි විද්‍යා අංශයෙන්, තාක්ෂණ අංශයෙන්නව නිර්මාණ රැසක් දැක්කා. ඒ අයට ලොකුම  ප‍්‍රශ්ණය වෙලා තියෙන්නේ මුදල් කියලා අපිට අනාවරණය වුනා .

 


මේ අවුරුද්දේ යොවුන් නව නිර්මාණ අරමුදලක් අපි ආරම්භ කරනවා. එහි මුල් අදියර ලෙස රුපියල් මිලියන 100ක් යොදවන්න අපි කටයුතු කරනවා. ඒ අනුව හො`දම නව නිර්මාණ වලට අපෙනුත්  ආධාර මුදලක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

හොද නිර්මාණ ලැබෙනවනම් ලංකාවට රටක් හැටියට අනාගතයක් තියෙනවා. අපි එම නිර්මාණ සැළසුම් ක‍්‍රියාත්මක කරන්න බළාපොරොත්තු වෙනවා. නිර්මාණ වැඩිවෙන විට මෙම අරමුදල වැඩිකරන්න අපිටත් පුලූවන් කම තියෙනවා.

අද අභියෝගය භාරගත්ත මේ තරුණ නායකත්වයට මම විශේෂයෙන්ම ප‍්‍රශංශා කරනවා’’ යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, පොලිස්පති පූජිත් ජයසුන්දර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ යන මහත්වරුන් ඇතුලූ පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

ඡායාරූප - චතුර එස්. කොඩිකාර 



අදහස් (0)

යෞවනයන් වෙනුවෙන් නව නිර්මාණ අරමුදලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site