රොමේෂ් මධුෂංඛ
යාපනය කරෙයිනගර් කෝවලන් මුහුදු තීරයේදී අද (10) සවස සිසුන් පිරිසක් දිය නෑමට ගොස් ජල ක්‍රීඩාවේ යෙදී සිටියදී 10 වසර සිසුවෙකු දියේ ගිලී මිය ගොස් ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි.
අද සවස සිසුන් තිදෙනෙකු කරෙයි නගර් ජේ 41 නැමති ප්‍රදේශයේ කෝවලන් මුහුදු තීරයේදී දිය නෑමට ගොස් සිසුන් ජල ක්‍රීඩාවේ යෙදී ඇති අතර පසුව එක වරම සිසුවෙකු ජලයේ ගිලීමෙන් මිය ගොස් ඇති බවට කයිට්ස් කියයි.
දිය නෑමට ගිය සෙසු සිසුන් දෙදෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතරම මෙසේ දිය නෑමට ගොස් මිය ගොස් ඇත්තේ යාපනය යාපනය යාල්ටන් මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලැබූ පරලෝගනාදන් නැනුසිගන් නැමති 15 හැවිරිදි සිසුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd