නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනිය රිය අනතුරින් මරුට කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනිය අද (15) පෙරවරුවේ පිටකොටුව ඕල්කට් මාවත අසලදී බස් රථයක ගැටී මියගොස් ඇති බව පොලිසිය කියයි. 15 August 2018
රන් බඩු සමඟ අයෙක් කටුනායකින් අල්ලයි ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙරට ගුවන් මගියෙකු අද (15) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 15 August 2018
කුඩු උරන්න දේවාභරණ සොරා ගත් දෙදෙනා අල්ලයි මත්කුඩු උරන්න හලාවත මුත්තුමාරි අම්මන් කෝවිලේ දේව ප්රතිමාවලට පළඳවා තිබු රුපියල් එක් ලක්ෂ අසු දහසක් පමණ වටිනා රනින් කළ දේවාභරණ හා පඩුරු කාසි සොරාගත් මත්කුඩු ලෝලීන් දෙදෙනකු හලාවත මයික්කුලමේ දී අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 15 August 2018
මුලතිව් මුහුදේ අනවසරෙන් මසුන් ඇල්ලු 29 ක් අත්අඩංගුවට මුලතිව් නයාරු මුහුදු තීරයේ දී නීතිවිරෝධී දැල් ආම්පන්න යොදා මසුන් ඇල්ලීමේ නිරතව සිටි ධීවරයින් 29 දෙනෙකු හා ධීවර යාත්‍රා 8 ක් අත්අඩංගුවට ගත් බව මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීහු කියා සිටියහ. 15 August 2018
අඩු ආදායම් පවුලවලට එල්ඊඩී බල්බ සහන මිලට අඩු ආදායම් ලාභී පවුල් ඉලක්ක කරගනිමින් වොට් 9 බැගින් වු එල්. ඊ. ඩී බල්බ මිලියන 6 ක් සහන මිලට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය. 15 August 2018
ව්‍යාජ ලෙස භාණ්ඩ පන්නන්න හැදු කතක් අත්අඩංගුවට කොරියාවේ සිට විවිධ භාණ්ඩ ඇතුළත් කර මෙරටට ආනයනය කරන බහාලුම් ව්‍යාජ ගමන් බලපත්‍ර යොදා රේගුවෙන් මුදා ගත් ව්‍යාපාරික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කියයි. 15 August 2018
නිල්වලා ගඟේ අතු ගංගාවක පුද්ගලයෙකුගේ මළ සිරුරක් අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් නිල්වලා ගඟේ අතු ගංගාවක් වූ ඌරුබොකු ආරේ ගොඩ ගසා තිබියදී දිනකට පමණ පසු අද (14) සොයා ගත් බව පිටබැද්දර පොලීසිය කියයි. 14 August 2018
මහවැලි තරුණ තරුණියන්ට වෘත්තිය පුහුණු ශිෂ්‍යත්ව මෙරට මහවැලි කලාපවල සිටින වයස අවුරුදු 18-30ත් අතර තරුණ තරුණියන් සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය එක්ව වෘත්තිය පුහුණු ශිෂ්‍යත්ව පරිනැමීම හා ඒ පිලිබඳව අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම කොළඹ මහවැලි කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී අද (14) සිදුකෙරිණි. 14 August 2018
අපි - අපිම සත්කාරය වලපනේ පාසල් 3 කට නුගේගොඩ,විජේරාමයේ නවාතැන්පොළක මිතුරන්ගේ එකමුතුවෙන් සහ නන්දෙසින් එකතුවන සහෘදයන්ගේ සහයෝගයෙන් 2015 වසරේ ගොඩ නැගූ ‘අපි අපිම’ දැයේ දරුවන් වෙනුවෙන් අපේ සද්කාරයේ 2018 වසරේ 14 August 2018
නොසන්සුතාවක් නිසා වාරියපොල ප්‍රා.ස රැස්විම කල් තබයි මාසික මහ සභා රැස්වීම අතරතුර ඇතිවූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් වාරියපොල ප්‍රාදේශීය සභාවේ සැසිවාරය සැප්තැම්බර් මස 11 දින දක්වා කල් තැබීමට සභාපති ඞී.එම්.ටී.බී. දිසානායක මහතා අද (14) පියවර ගත්තේය. 14 August 2018
වැස්සෙන් නුවරඑළියේ පුද්ගලයින් 197ක් පීඩාවට වැසි සහිත කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 46 ක පුද්ගලයන් 197 ක් අද (14) වනවිට අවතැන්ව ඇතැයි නුවරඑළිය දිසාපති එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය. 14 August 2018
කුඹුක් දැව ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගඩොල් ප්‍රවාහනය කරන මුවාවෙන් ටිපර් රථයකින් රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමින් යුත් කුට්ටි කරන ලද කුඹුක් දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරගම-බොල්ගොඩ පාලම අසල දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 14 August 2018
වල්ලපට්ටා-කොතල හිඹුටු සමඟ අයෙක් රේගුවෙන් අල්ලයි වල්ලපට්ටා සහ කොතළ හිඹුටු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ බැංකොක් වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 14 August 2018
වාහන 4 ක් එක පෙළට ගැටෙයි හලාවත - පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලමට ආසන්නයේ දී වාහන 4 ක් එකිනෙක ගැටීමෙන් අද (14) අලුයම අනතුරට පත්වී තිබේ. 14 August 2018
සැමියාට ඇප දෙන්න මත්කුඩු විකිණු බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට මත්කුඩු ළඟ තබා ගැනීමේ වරදට රිමාන්ඩ් බාරයේ පසුවන තම සැමියාට ඇප ලබා ගැනීමේ අරමුණින් හෙරොයින් මත්කුඩු විකුණමින් සිටි 28 හැවිරිදි කාන්තාවක් හා ඇගේ සහෝදරයින් දෙදෙනා සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි. 14 August 2018
දුම්රිය මැදිරියක් පාදුක්කේදී ගැලවෙයි කැළණිවැලි දුම්රිය මාර්ගයේ පාදුක්ක සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක මැදිරියක් පාදුක්ක දිසා රෝහල අසල දුම්රිය හරස් මාර්ගය අසලදී ගැල වී යාම නිසාවෙන් අද (14) උදෑසන කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පැයක පමණ කාළයක් ප්‍රමාද වූ බව පාදුක්ක දුම්රිය ස්ථානය පවසයි. 14 August 2018
පාදුක්ක රෝහල් සේවකයින්ට පහර දුන් දෙදෙනා අත්අඩංගුවට රෝගීයකු රැගෙන පාදුක්ක දිසා රෝහලට පැමිණි පුද්ගලයින් පිරිසක් එහි රාජකාරියේ නිරතව සිටි රෝහල් සේවකයින් දෙදෙනකුට පහරදී රෝහලේ තබා තිබූ පුටු රැසකට දැඩි අලාභ හානි කිරීමක් සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු සැකපිට අත්අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි. 14 August 2018
මුලතිව්හි ධීවර වාඩිවලට ගිනි තියයි මුලතිව් නයාර ර වාඩිවලට ගිනි තියයි වාඩි 08 ක් සහ බෝට්ටු 2 ක් විනාශයිු සෙම්මලෙයි ධීවර වාඩි කිහිපයක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා පලා ගොස් ඇති බවත් ඉන් ධීවර වාඩි 08 ක් හා ධීවර බෝට්ටු දෙකක් සම්පූරණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇති බවට මුලතිව් ධීවරයෝ කියති. 14 August 2018
උප පොලිස් පරීක්ෂකට පහරදුන් පුද්ගලයාට ඇප ඉංගිරිය පොලිසිය තුළදී යුද හමුදා සෙබලෙකු හා තරුණයෙකුට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ උප පොලිස් පරීක්ෂකවරයාට හොරණ අධිකරණ භූමියේ දී පහරදුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය. 13 August 2018
බලපත්‍ර රහිතව එළ ගවයින් ප්‍රවාහනය කළ 4ක් පොලිස් දැලේ බලපත්‍ර රහිතව දෙනියාය ප්‍රදේශයේ සිට වැලිපැන්න ප්‍රදේශය දක්වා එළ ගවයින් 5 දෙදෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක් සැකකරුවන් සිව් දෙනකු සමඟ අද (13) කොටපොල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ කොස්මෝදර පොලිසියේ නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 13 August 2018
මහවැලි තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් මූලික අධ්‍යාපනයෙන් පසු එම කටයුතු අවසන් කරන මහවැලි තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය තීරණයකර තිබේ. 13 August 2018
බදුල්ල වෙළඳසැල් පිපිරුම නිරික්ෂණයට රස පරික්ෂක යයි බදුල්ල නගරයේ කොකෝවත්ත මාර්ගයේ දී මෝටර් රථ අමතර කොටස් අලෙවිකරණ වෙළඳසැළක සිදුවු විශාල පිපිරිමක් සමඟ වෙළඳසැල් දෙකක් ගිනිබත් වී ව්‍යාපාරිකයකු මරුමුවට පත්වීමේ සිදුවීම වු ස්ථානය අද (13) පස්වරුවේ රජයේ රස පරික්ෂක ඩබ්ලිව්.ඒ ආර්.ප්‍රනාන්දු මහතා විසින් නිරික්ෂණය කරනු ලැබීය. 13 August 2018
පොලිස් පරික්ෂිකාවගේ කාමරයට ගිය ආධුනික පොලිස් කොස්තාපල්ට ඇප මිරිහාන කාන්තා තනිකඩ භට නිවාසයේ උප පොලිස් පරික්ෂිකාවක් නිදා සිටි කාමරයට මධ්‍යම රාත්‍රීයේ දී ජනේලයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ආධුනික පොලිස් කොස්තාපල්වරයා නුගේගොඩ 13 August 2018
දඩයමේ ගිය අයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට පුත්තලම - පොත්තුවිල්ළුව ප්‍රදේශයේ දඩයමේ ගිය පුද්ගලයකු ගිනි අවිය සමඟ අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 13 August 2018
මෝටර් රථයක් අඩි 25 ක ප්‍රපාතයකට පෙරැළෙයි තංගල්ල - මහවෙල ප්‍රධාන මාර්ගයේ වවුල් බොක්කුව තුළ අඩි 25 ක් පමණ ප්‍රපාතයට අද (13) උදෑසන 11.00ට පමණ මෝටර් රථයක් පෙරළීමෙන් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 13 August 2018
මදුනාගල අභයභූමියෙන් දඩයක්කරුවන් තිදෙනකු අත්අඩංගුවට මදුනාගල අභයභූමියේ කරඹගල් ආරවැව ආසන්නයේ සතුන් දඩයමේ නිරත වී සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් එක් පුද්ගලයෙක් පතුරොම් තුවක්කුවක් සමඟ අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී ජේ.ඒ.පී විජයකුමාර මහතා කීය. 13 August 2018
මත්ස්‍යයින් ගෙන යන මුවාවෙන් දැව ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට මත්ස්‍යයින් ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරි රථයක් තුළ තේක්ක දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයේ දී තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 13 August 2018
ඖෂධපිටිය රක්ෂිතයේ ගින්නෙන් අක්කර 200 ක් විනාශයි වව්නියාව,ඉරට්ටපෙරියකුලම, ඖෂධපිටිය රක්ෂිත සීමාවේ ඇති වු ගින්නකින් ප්‍රදේශයේ අක්කර 200 ක් පමණ ගිනිගෙන විනාශ වී ඇති බවට ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි. 13 August 2018
නැ‘හිර ගුරුමාරු ප්‍රතිපත්තිය ලබන වසරේ සිට ක්‍රියාත්මකයි දැනට සකස්කර අතර මග නැවති ඇති නැගෙනහිර පලාතේ “ ගුරුමාරු ප්‍රතිපත්තියේ සියලු කටයුතු නිමවා ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කිරිමට පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 13 August 2018
මිය ගිය පුද්ගලයෙක්ගේ සිරුරක් කලා වැව ජාතික වනෝද්‍යානයෙන් හමුවෙයි අභිරහස් ලෙස මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් කලාවැව ජාතික උද්‍යානයේ තිබී සොයාගත් බව පොලීසිය පවසයි. 13 August 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025