නිමල කොඩිතුවක්කු
අඩු ආදායම් ලාභී පවුල් ඉලක්ක කරගනිමින් වොට් 9 බැගින් වු එල්. ඊ. ඩී බල්බ මිලියන 6 ක් සහන මිලට ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
මෙම වැඩපිළිවෙළ යටතේ පාරිභෝගිකයන් ලක්ෂ 28 කට පමණ විදුලිබල මණ්ඩලය සහ ලෙකෝ ආයතනය මගින් ඉහළම ගුණාත්මක භාවයකින් යුතු එල්. ඊ. ඩී බල්බ ලබාදීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ සඳහා අවශ්‍ය ටෙන්ඩර් කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවත් ඒ අනුව ඊළඟ මාස කිහිපයේ දී මෙම එල්. ඊ. ඩී බල්බ බෙදාහැරීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.
එල්. ඊ. ඩී බල්බ භාවිතය වැඩිකිරිම සහ ඒ තුළින් විදුලිය කාර්යක්ෂමතාවයක් ඇති කිරීම මෙම වැඩපිළිවෙළ හි අරමුණ වේ.
බළශක්ති කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බළකායේ යෝජනාවක් මත මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඩු ආදායම් පවුලවලට එල්ඊඩී බල්බ සහන මිලට
Senarath Wednesday, 15 August 2018 06:34 AM
අඩු ආදායම් ලබන පවූල්වලට සහනමිලට LED බල්බ්. ඒ උනාට ඇමති, මන්ත්‍රි පවූල්වලට නොමිලේ ලෑන්ඩ් කෘෂර්, ලක්ෂ දෙකේ දීමනා සියල්ල. කොහොමද යහපාලනය .