(කේ බුද්ධික කුමාරසිරි)
රෝගීයකු රැගෙන පාදුක්ක දිසා රෝහලට පැමිණි පුද්ගලයින් පිරිසක් එහි රාජකාරියේ නිරතව සිටි රෝහල් සේවකයින් දෙදෙනකුට පහරදී රෝහලේ තබා තිබූ පුටු රැසකට දැඩි අලාභ හානි කිරීමක් සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු සැකපිට අත්අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
උදරයේ අමාරුවකට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා පුද්ගලයකු පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කර තිබේ. එම අවස්ථාවේදී රෝගීයා සමඟ පැමිණි පිරිසට පාවහන් ගලවා හදිසි ප‍්‍රතිකාර ඒකකයට ඇතුළු වන ලෙස රෝහලේ සේවකයකු පවසා තිබේ.
ඒ සමඟම පැමිණ සිටි පිරිස එම අවස්ථාවේදී රාජකාරියේ නිරතව සිටි රෝහල් සේවකයින්ට බැණ වැදී රෝහල් සේවකයින් දෙදෙනකුට පහරදී පුටු කිහිපයක් පොළවේ ගසමින් කාර්යභාර වෛද්‍යවරියට අසභ්‍ය වචනයෙන් බැණ වැදී පලා ගිය බවට පාදුක්ක රෝහල මගින් පාදුක්ක පොලිසිය පැමිණිල්ලක් සිදුකර තිබූ බවද පොලිසිය පවසයි.
ඒ අනුව පාදුක්ක රෝහලට පැමිණි පොලිස් නිළධාරීන් රෝගීයා ඇතුළත් කිරීමට ලබා දුන් ලිපිනය ඔස්සේ ගොස් ලිපිනයේ සඳහන් නිවසේ සිටි අදාළ සැකකරුවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහලේ කාර්යභාර වෛද්‍යවරිය හමුවට පමුණන ලද බවත් එහිදී මෙම සැකකරුවන් දෙදෙනාගෙන්ම මත්පැන් ගඳ වහනය වන බවටත් දෙදෙනාම මත්පැන් පානය කර ඇති බවටත් වෛද්‍යවරිය විසින් වාර්තාවක් ලබා දුන් බව පොලිසිය පවසයි.
පහර කෑමට ලක් වූ රෝහල් සේවකයකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා හෝමාගම දිසා රෝහලට ඇතුළත් කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 20 ත් 22 ත් වයසේ පසුවන වටරැක ගාලබැදිහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පාදුක්ක රෝහල් සේවකයින්ට පහර දුන් දෙදෙනා අත්අඩංගුවට