IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුඩු උරන්න දේවාභරණ සොරා ගත් දෙදෙනා අල්ලයි

ඔගස්ටින් ප්‍රනාන්දු 
 
මත්කුඩු උරන්න හලාවත මුත්තුමාරි අම්මන් කෝවිලේ දේව ප්‍රතිමාවලට පළඳවා තිබු රුපියල් එක් ලක්ෂ අසු දහසක් පමණ වටිනා රනින් කළ දේවාභරණ හා පඩුරු කාසි සොරාගත් මත්කුඩු ලො‍්ලීන් දෙදෙනකු හලාවත මයික්කුලමේ දී අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි.


එම දේවාලයේ භාරකරු විසින් හලාවත පොලිසියට කර ඇති පැමිණිල්ලක් අනුව හලාවත නගර සභා කම්කරු නිල නිවාස තිබු භුමියෙහි මෙම කෝවිල පිහිටා ඇත. 


එදින රාත්‍රී කෝවිලේ වහලයෙන් ඇතුළු වී කිසිවකු විසින් එහි දේව ප්‍රතිමාවන්ට පළඳවා තිබු රනින් කළ දේවාභරණ මෙන්ම බැතිමතුන් විසින් දමා තිබු පඬුරු ද සොරා ගෙන ගොස් ඇත.


මෙහි වටිනාකම රුපියල් එක්ලක්ෂ අසු දහසකට වැඩි බවත් සොරා ගත් දේවාභරණ අතර මුත්තුමාරි අම්මන් දේවියන්ගේ නේත්‍රා දෙකට පළඳවා තිබු රනින් කළ නේත්‍රාභරණ යුගලක් ද තිබි සොයා ගෙන තිබේ.


කොවිලේ තිබු සිසිටිවි දර්ශන අනුව කොල්ලය කර ඇත්තේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්කුඩු ලෝලියකු හා කොල්ලකරුවකු බව කියන බාබු බව අනාවරණය කරගෙන ඇත.


ඔහු මේ වන විට කොළඹ පිටකොටුව ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් අනුව පරික්ෂණ සිදු කළත් පොලිසිය එහි ගිය විට ඔහු එහි සිට ද පලා ගොස් තිබු බවත් හෙළි වේ.


අත්අඩංගුවට ගත් සැකකරවන් අද (15) අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය. 



අදහස් (0)

කුඩු උරන්න දේවාභරණ සොරා ගත් දෙදෙනා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site