IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


නොසන්සුතාවක් නිසා වාරියපොල ප්‍රා.ස රැස්විම කල් තබයි

(රවීන්‍ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)
 
මාසික මහ සභා රැස්වීම අතරතුර ඇතිවූ නොසන්සුන් තත්වයක් හේතුවෙන් වාරියපොල ප‍්‍රාදේශීය සභාවේ සැසිවාරය සැප්තැම්බර් මස 11 දින දක්වා කල් තැබීමට සභාපති ඞී.එම්.ටී.බී. දිසානායක මහතා  අද  (14) පියවර ගත්තේය. 
 
එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීනි එස්.එම්. ධම්මිකා සමරකෝන් මහත්මිය විසින් තමන් අද  සභාවේදී කළ ප‍්‍රකාශයක් සම්බන්ධව එම අවස්ථාවේදීම නිවසේ සිටි තම සැමියාට මරණ තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුමක් ලැබී ඇති බව දැන්වීමත් සමඟම මෙසේ සභාව කල්තැබිණි. 
 
 තමන් මහ සභාවේ කළ ප‍්‍රකාශයක් පිටස්තර පුද්ගලයෙකු දැනගෙන දුරකථනයෙන් තර්ජනය කරන්නේ කෙසේදැයි මන්ත‍්‍රීතුමිය විමසා සිටියාය. අදාල පැමිණිල්ල තමන් වෙත ලිඛිතව ලබාදෙන ලෙස එම මන්ත‍්‍රීතුමියට දන්වමින් සභාපතිවරයා සභාව කල් තැබීය. 
 
සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කළ ධම්මිකා සමරකෝන් මහත්මිය ”
 
පසුගියදා අපේ කොට්ඨාසයේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයට වයඹ සංවර්ධන හා අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. නාවින්න මැතිතුමා, වයඹ පළාත් සභා මන්ත‍්‍රී මංජුල බණ්ඩාර මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වුණා. තේ පැන් සංග‍්‍රහය සූදානම් කරලා තිබුණේ ප‍්‍රාදේශීය සභාවේ සේවකයෙකුගේ නිවසක. ඊට පසුදින එම පුද්ගලයා මට කිව්වා ඔහුව සේවය කළ ස්ථානයෙන් වෙනත් තැනකට මාරුකර ඇති බව. මම මේ පිළිබඳව ගරු සභාපතිතුමා දැනුවත් කළා. එතුමා සොයාබලා එසේ සිදුවී නැති බව මා හට දැන්වූවා. මම ඒ පිළිබඳව තමයි සභාවේ කතා කළේ. ඊට සුළු මොහොතකට පස්සෙ මට මගේ මහත්තයා කතා කරලා කිව්වා අර සේවකයා මාරු කිරීමට උත්සහ කරපු පුද්ගලයාම දුරකථනයෙන් මරණ තර්ජන එල්ලකළා කියලා. 
 
මගේ මහත්තයා ක‍්‍රියාන්විත රාජකාරියේ සිටි රණවිරුවෙක් ඔහුට තර්ජනය කළ නිසා. කාන්තා නියෝජනයට සලකන්නේ මෙහෙමෙද මට මේ ගැන සභාවට හරියට කියාගන්න බැරිවුනා. සභාව කල් තැබුවා.  
 
එක්සත් පාතික පක්ෂ මන්ත‍්‍රී ජේ.ඒ.එස්. මායාදුන්න මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”මෙලෙස සභාව කල්තැබීම ඉතාමත්ම දීන ක‍්‍රියාවක් වශයෙන් මම දකින්නේ. එය සදාචාරාත්මක නැහැ. ජනතාවගේ ස්වාධිපත්‍ය බලය මෙතන තමයි ප‍්‍රකාශ කරන්න තියෙන්නේ. ඒ අදහස් ප‍්‍රකාශ කරන්න තියෙන අවස්ථාව නැතිකළා. ඒක ද්‍රෝහී ක‍්‍රියාවක්. අපි මේකට මොනයම් ක‍්‍රමයකින් හරි විරෝධය ප‍්‍රකාශ කරනවා.
 
එක්සත් ජනතා සංධානයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරයෙකු වන ජයතිස්ස මාකුඹුර මහතාද මෙසේ අදහස් දැක්වීය. ”
 
අද මන්ත‍්‍රීවරියක් සභාවේ කතාකළ දෙයක් සම්බන්ධව ඒ මොහොතේදීම බාහිර පුද්ගලයෙක් විසින් නිවසේ සිටි එම මන්ත‍්‍රීතුමියගේ ස්වාමිපුරුෂයාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කරනවා. මෙහෙම වෙන්නේ කොහොමද අපි ඉතාමත් කණගාටුවෙනවා . අද වාරියපොල ප‍්‍රාදේශීය වැටිලා තියෙන තත්වය පිළිබඳව”
 
 



අදහස් (0)

නොසන්සුතාවක් නිසා වාරියපොල ප්‍රා.ස රැස්විම කල් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31733 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14193 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11134 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 208 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1138 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site