නුගේගොඩ,විජේරාමයේ නවාතැන්පොළක මිතුරන්ගේ එකමුතුවෙන් සහ නන්දෙසින් එකතුවන සහෘදයන්ගේ සහයෝගයෙන් 2015 වසරේ ගොඩ නැගූ ‘අපි අපිම’ දැයේ දරුවන් වෙනුවෙන් අපේ සද්කාරයේ 2018 වසරේ සිව්වැනි සමාජ සද්කාරය මෙවර ඉටුකරනු ලබන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ අධ්‍යාපන කලාපයේ කලගම්වත්ත වැලිහිඳ ප්‍රාථමික විදුහල, (මුළු සිසුන් සංඛ්‍යාව 53) තෙරිපැහැ හිඟුරාවෙල ප්‍රාථමික විදුහල, (මුළු සිසුන් සංඛ්‍යාව 26) කලගම්වත්ත කීනගොල්ල ප්‍රාථමික විදුහල, (මුළු සිසුන් සංඛ්‍යාව 15) ටය.
මෙම විදුහල් තුනේම අධ්‍යාපනය ලබන්නේ දරුවන් 94 ක් පමණි.කිසිදු යටිතල පහසුකමක් නොමැතිව ඉතා දුක්බර ජීවිතයක් ගත කරන මෙම ගම්මානවල ජිවත්වන සෑම දෙනකුගේම ජිවීකාව වනුයේ ගොවිතැන සහ කුලී වැඩයි.
මෙම කලාපයේ බොහෝ දරුවන්ට ලැබෙනුයේ ද ප්‍රාථමික අධ්‍යාපනය පමණි.එනම් පහ ශ්‍රේණියෙන් පසු වෙනත් පාසලකට යා යුතු බැවිනි.එවන් පාසල් පිහිටා ඇත්තේ කි.මී.10 – 12 කට එහා බැවින් හරි හමන් පාරක්,බස් රථයක් නොමැති බැවින් බොහෝ දරුවන්ගේ පාසල් ගමන අතරමඟ නවති.
මෙම ප්‍රාථමික පාසල් ඉතා අඩු සිසුන් සංඛ්‍යාවක් මත වුවද පවත්වාගෙන යන්නේ එයද වැසී ගියහොත් එම දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනය ද අහිමිවන බැවිනි.
‘අපි අපිම’ අපේ උත්සහය වනුයේ මෙවන් අඩු පහසුකම් සහිතව අධ්‍යාපනය ලබන අපේම දරුවන්ට වසරක් පුරා අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය උපකරණ ලබාදී ඔවුනට අත්වැලක් වන්නය.
වසරක් පුරා අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පොත්,පෑන්,පැන්සල්,පාට පෙට්ටි,ඇතුළු සියලු දෑ මෙන්ම සපත්තු, බෑග්, නිල ඇඳුම්,රෙදි,වතුර බෝතල්,කෑම පෙට්ටි,කුඩ ආදි අංග සම්පූර්ණ උපකරණ කට්ටලයක් ඔවුනට හිමි වේ.
‘අපි අපිම’ ආරම්භය 2015 වසරේ සිදුවු අතර එහි ප්‍රතිලාභ පිළිවෙළින් නිකවැරටිය අඹගස්වැව ප්‍රාථමිකය, කැබිතිගොල්ලෑව කණුගහවැව ප්‍රාථමිකය, මැදිරිගිරිය ගුරුගොවැල්ල ප්‍රාථමිකයට හිමි වූ අතර මෙවර වලපනේ පාසල් තුනකටම එම දායකත්වය හිමිවේ.
මේ සඳහා අත්වැලක් විය හැකි උපකාරයක් කළ හැකි ඔබගේ සියලු පරිත්‍යාග ඔක්තෝබර් 30 ට පෙර අපට ඇමැතීමෙන් ලබා දීය හැක.
සුජිත් - 0778259468
මලින්ද - 0719987962
රවිඳු - 0714322140


2025 දෙසැම්බර් මස 18
422
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපි - අපිම සත්කාරය වලපනේ පාසල් 3 කට
Raveendra Tuesday, 14 August 2018 11:48 AM
ඔබ සියල්ලෝම කරගෙන ඇත්තේ වචනවලින් විස්තරකල නොහැකි පිං කන්දරාවකි. මෙවන් සත්කාර ඉදිරියටත් කිරීමට ඔබ සැමට ශක්තිය මෙන්ම දිරිය ලැබේවා.