(සනත් ගමගේ)
මදුනාගල අභයභූමියේ කරඹගල් ආරවැව ආසන්නයේ සතුන් දඩයමේ නිරත වී සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් එක් පුද්ගලයෙක් පතුරොම් තුවක්කුවක් සමඟ අත්අඩංගුවට ගත් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී ජේ.ඒ.පී විජයකුමාර මහතා කීය.
වනජිවී නිළධාරින් අභයභූමිය තුළ සිදු කෙරුණු සෝදිසියක දී මෙලෙස පුද්ගලයින් තිදෙනෙකු ගිනි අවියක් සමඟ කැළයේ සිටි අතර වනජීවී නිළධාරීන් ඒ ආසන්නයට යන විටත් ඉන් පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස් ඇති අතර ගිනි අවිය අතැතිව සිටි පුද්ගලයා ගිනී අවිය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මදුනාගල අභය භුමියේ රක්ෂිත කැළයේ ද වන සතුන් දඩයම් කිරීම බහුල වශයෙන් සිදුකරන අභයභූමිය තුළ සිදුකරන පස් කැපීම්, කැළය කැපීම් වැනි නීතිවිරෝධි ක්‍රියා සිදුකරන පුද්ගලයින්ම මෙම සතුන් දඩයම් කිරීමේ ජාවාරම්වලද නිරත වන බව වනජීවී නිළධාරීහු පවසති.
මෙම නීතිවිරෝධි ක්‍රියා නතර කිරීමට උත්සාහ ගැනීමේ දී වනජීවී නිළධාරින්ට විවිධ බොරු චෝදනා ඉදිරිපත් කිරීමට නීතීවිරෝධි ක්‍රියාවල යෙදෙන සහ ඒවාට අනුබල දෙන වගකිවයුතු පිරිස් කටයුතු කිරීම නිසා නිළධාරීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවද වාර්තාවේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මදුනාගල අභයභූමියෙන් දඩයක්කරුවන් තිදෙනකු අත්අඩංගුවට