IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නිල්වලා ගඟේ අතු ගංගාවක පුද්ගලයෙකුගේ මළ සිරුරක්

 

(එස් .ඩි .කොඩිකාර )

අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් නිල්වලා ගඟේ අතු ගංගාවක් වූ ඌරුබොකු ආරේ ගොඩ ගසා තිබියදී දිනකට පමණ පසු අද (14) සොයා ගත් බව පිටබැද්දර පොලීසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ (58) හැවිරිදි දෙදරු පියෙකු වූ සියඹලාගොඩ නැගෙනහිර ,පිටබැද්දර ලිපිනයේ පදිංචි කුඩා ගේ පියසේන නැමැති පුද්ගලයෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත.

මරණකරු ඊයේ (13) උදෑසන සිට නිවසේ සිට එකවරම අතුරුදහන් වී ඇති අතර පසුව මරණකරුගේ බිරිඳ තම ස්වාමි පුරුෂයාගේ අතුරුදන්වීම  සම්බන්ධයෙන් පිටබැද්දර පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති අතර  පසුව ගම්වාසීන් සහ පොලීසිය එක්ව අද (14)  උදෑසන සිට ඌරුබොකු ආර දිගේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සියඹලාගොඩ බටහිර නා ගහ අසල  ගගේ තිබී මියගිය අයගේ මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.

මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය නොවී ඇති බව පිටබැද්දර පොලිසිය පවසයි.සිද්ධිය සම්බන්ධයෙන්  පිටබැද්දර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

 



අදහස් (1)

නිල්වලා ගඟේ අතු ගංගාවක පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Ayodya Madushani Wednesday, 15 August 2018 02:32 PM

මිය ගිය හේතුව ගැන ගමේ අය දැන්වත් අවධානය යොමු කරන්න ඕන. මේ වගේ මිනිස් ජීවිත තවත් නැති වෙන්න කලින් හැමෝම තමන් ගැන වගේම අනිත් අය ගැනත් හිතන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site