IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රන්මාල කැඩු දෙදෙනෙක් වවුනියාවෙන් අල්ලයි


 
සිතුම් චතුරංග
            
යතුරුපැදිවලින් ගොස් තියුණු ආයුධ පෙන්වා කාන්තාවන්ගේ ගෙලබැඳි මාල කැඩූ කොල්ල කල්ලියක සාමාජිකයින් දෙදෙනකු අද (7) වවුනියාව නගරයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.


සෙට්ටිකුලම, රාසේන්ද්‍රකුලම් , වවුනියාව හා ගනේෂපුරම් යන ප‍්‍රදේශල කාන්තාවන්ගේ මාල කඩා පලා යන කොල්ල කල්ලියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත වවුනියාව පොලිස් අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.


අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් කොල්ල කල්ලියේ ප‍්‍රධානියා ද වන අතර ඔහු වසර නවයකට අධික කාලයක් මංකොල්ලකෑම් හා විවිධ අපරාධ චෝදනා හේතුවෙන් බන්ධනාගාර ගතකර නිදහස ලබා පැමිණි අයකු බව පොලිසිය කියයි.


සැකකරුවන් යතුරු පැදිවලින් හෝ තනිව ගමන් කරන කාන්තාවන් පසුපස යතුරු පැදිවලින් හඹා ගොස් තියුණු ආයුධ පෙන්වා මාල කැඩීම සිදුකරන බවද කීය.


පොලිසිය පැවසූයේ සැකකරුවන් කුලී පදනම මත ලබාගත් යතුරුපැදිවල නැගී මෙම කොල්ලකෑම් සිදුකරන බවත් සොරාගන්නා රන් මාල උණුකර වවුනියාව ප‍්‍රදේශයේ විවිධ රන්භාණ්ඩ අලෙවි මධ්‍යස්ථාන වෙත ලබාදී ඇති බවත්ය.


සැකකරුවන් කොල්ලකෑ රන් මාල තුනක් උණුකර සකස්කර රන් කැබලි කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.


අත්අඩංගුවටගත් සැකකරුවන් සෙට්ටිකුලම , මැණික්ෆාම් ප‍්‍රදේශයේ පදිංචි 29 - 34 අතර වයසේ පසුවන්නෝ වෙති.



අදහස් (0)

රන්මාල කැඩු දෙදෙනෙක් වවුනියාවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site