සිතුම් චතුරංග
යතුරුපැදිවලින් ගොස් තියුණු ආයුධ පෙන්වා කාන්තාවන්ගේ ගෙලබැඳි මාල කැඩූ කොල්ල කල්ලියක සාමාජිකයින් දෙදෙනකු අද (7) වවුනියාව නගරයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි.
සෙට්ටිකුලම, රාසේන්ද්‍රකුලම් , වවුනියාව හා ගනේෂපුරම් යන ප‍්‍රදේශල කාන්තාවන්ගේ මාල කඩා පලා යන කොල්ල කල්ලියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත වවුනියාව පොලිස් අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් කොල්ල කල්ලියේ ප‍්‍රධානියා ද වන අතර ඔහු වසර නවයකට අධික කාලයක් මංකොල්ලකෑම් හා විවිධ අපරාධ චෝදනා හේතුවෙන් බන්ධනාගාර ගතකර නිදහස ලබා පැමිණි අයකු බව පොලිසිය කියයි.
සැකකරුවන් යතුරු පැදිවලින් හෝ තනිව ගමන් කරන කාන්තාවන් පසුපස යතුරු පැදිවලින් හඹා ගොස් තියුණු ආයුධ පෙන්වා මාල කැඩීම සිදුකරන බවද කීය.
පොලිසිය පැවසූයේ සැකකරුවන් කුලී පදනම මත ලබාගත් යතුරුපැදිවල නැගී මෙම කොල්ලකෑම් සිදුකරන බවත් සොරාගන්නා රන් මාල උණුකර වවුනියාව ප‍්‍රදේශයේ විවිධ රන්භාණ්ඩ අලෙවි මධ්‍යස්ථාන වෙත ලබාදී ඇති බවත්ය.
සැකකරුවන් කොල්ලකෑ රන් මාල තුනක් උණුකර සකස්කර රන් කැබලි කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් සෙට්ටිකුලම , මැණික්ෆාම් ප‍්‍රදේශයේ පදිංචි 29 - 34 අතර වයසේ පසුවන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd