IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කල්ලියක් සීගිරි ලැගුම්හළකට පැන සංචාරකයන්ගේ මුදල් කොල්ල කති


 
 
(කාංචන කුමාර ආරියදාස)
 
සීගිරිය ප්‍රදේශයේ සංචාරකයන් ලැගුම්ගෙන සිටි හෝටලයකට ඇතුළු වූ පිරිසක් විදේශීය සංචාරකයන් බියගන්වා පහර දී ඔවුන් සතු මුදල්, දේපල කොල්ලකා පලාගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි.


සීගිරිය ගල ආසන්නයේ මෙම සංචාරක හෝටලය පිහිටා තිබේ. අද (6) අලුයම 2  ට පමණ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුණු ආවරණය කර මෙම සංචාරක හෝටලයට  ඇතුළු වී එහි සංචාරකයන් ලැගුම්ගෙන සිටි කාමර කිහිපයකට ජනෙල් විවෘත කර ඇතුළු වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.


සීගිරිය පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර එහිදී සිද්ධිය වූ සංචාරක හෝටලයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් හෝ ආරක්ෂක නිලධාරීන් නොමැති වීම නිසා අවට ආරක්ෂිත කැමරා පද්ධති පරීක්ෂාකර බැලීමේදී අලුයම 2.15 ට පමණ තරුණයන් කණ්ඩායමක් එම හෝටලයේ ආසන්නයේ සිට ප්‍රධාන මාර්ගයේ දිව යන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබේ.


කෙසේ වෙතත් රටවල් 4ක පමණ මිතුරන් පිරිසක් මෙම සංචාරක හෝටලයේ ලැගුම් ගෙන සිට ඇති බව පොලීසිය කියයි. එහිදී එක සංචාරකයකුට මෙම මංකොල්ල කණ්ඩායම විසින් පහර දී තිබෙන අතර ඔහු සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 



අදහස් (2)

කල්ලියක් සීගිරි ලැගුම්හළකට පැන සංචාරකයන්ගේ මුදල් කොල්ල කති

erdi Monday, 06 August 2018 12:01 PM

මේවා සංචාරක නිකේතන නෙවෙයි සංචාරක ගුබ්බැයම්. ජනෙල් දොරවල් අගුල් කැඩිලා කම්බි කැලි ලණුවලින් බැඳලා තියෙන්නෙ සමහර තැන්වලට දෙමවුපියන්ට දරුවොත් එක්ක යන්න බැරි තත්වයක්. විදේශිකයෙක් කියන්නෙ අපේ ආරක්ෂාව නිබඳව ලැබියයුතු පුද්ගලයෙක් එහෙම ආරක්ෂාවක් දෙන්න බැරිනම් මේ ගුබ්බැයම් වහල දාන්න..

:       0       24

Dilipa Monday, 06 August 2018 01:39 PM

මේ දුවගෙන එන අයත් නිකන් සුද්දෝ වගේ නේද පෙනෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site