IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තරුණියට හදිකළ කපුවා කපෝති - වසර 9ක් හිරේට


 
උපාලි ආනන්ද
 
හැර ගිය පෙම්වතා යලි ගෙන්වා දෙන බවට පොරොන්දු වී ගුරුකමක් සිදු කරන මුවාවෙන් තරුණියක අපයෝජනය කළ  කට්ටඬියකුට  උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන්  මහතා  වසර නවයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද නියම කළේය.
 
ඊට අමතරව රුපියල් 1000 ක දඩයක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරු වීරමන්  මහතා පැමිණිලිකාර තරුණියට  මුදලින් රුපියල්  50000 ක  වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට තවදුටරත් නියෝග කළේය. එම දඩ මුදල් සහ වන්දි මුදල් ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් වසරකුත් මාස තුනක සිර දඩුවමකටද යටත් කෙරිණි.
 
 මෙසේ දඬුවම් නියම වූයේ මාවතගම පිලැස්ස කහගල්ල අංක 12 ලිපිනයේ රන්හොටී ගෙදර සුරේෂ් සෙල්ටන් ජයසුන්දර නැමැති පුද්ගලයකුටය.
 
2012 වසරේ ජූනි   මස 28 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල සීමාවට අයත් රාජාංගනයේදී   විත්තිකරු මෙම අපරාධය සිදු කර ඇති බවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 364 (1) වගන්තිය ප‍්‍රකාරව උතුරු මැද  පලාත් බද මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ තිබුණි 

මෙම නඩුවේ පැමිණිලිකාර තරුණියගේ පෙම්වතා ඇය හැර ගොස් ඇති බවත් එම පෙම්වතා යලි ගෙන්වා දෙන බවට පොරොන්දු වී විත්තිකරු   පමණක් පාළු ස්ථානයක තබා ගෙන ගුරුකමක් සිදු කරන මුවාවෙන් ඇය අපයෝජනය  කර ඇති බවත් අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය.
 
තරුණිය අපයෝජනය කර ඇති කට්ටඩියා පසුව තමා   ජීවං කර ලබා දෙන තෙල් වර්ගයක් ශරීරයේ තවරා ගෙන දින ගනනක්  පාළු පැලක තනියෙන් පෙම්වතා එනතුරු බලා සිටින ලෙසට    තරුණියට උපදෙස් ලබා දී ඇත. 
 
කට්ටඩියාගේ එම උපදෙස් වලට අනුව ජීවං කර ලබා දුන් බව කියන තෙල් තරුණිය ශරීරයේ තවරා ගෙන තනියෙන් පාළු පැලකට වී දින ගනක්  පෙම්වතා එතැයි අපේක්ෂාවෙන් බලා සිට ඇති බවත් සති කිහිපයක් ගත වුවද කට්ටඩියා පැවසූ පරිදි ගුරුකම් බලයෙන් පෙම්වතා නොපැමිණිම නිසා කට්ටඩියා තමා අපයෝජනය කිරීමේ සිද්ධිය තරුණිය පොලිසියට පැමිණිලි කර ඇති බවත්  අධිකරණ නඩු විභාගයේදි හෙළි විය. 



අදහස් (0)

තරුණියට හදිකළ කපුවා කපෝති - වසර 9ක් හිරේට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site