(දිල්රුක්ෂි ග්‍රේරු)
මන්නාරම උලුක්කුලම ප්‍රදේශයේ කළ වැටලීමකදී ලක්ෂ හතලියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවකු අත්ඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි.
නාවික හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වව්නියාව පරයානම්කුලම් විශේෂ කාර්ය බලකා සෙබළුන් එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.
සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 130 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
වව්නියාව පරයානම්කුලම් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.සී.ඒ.එස් සිල්වා ඇතුළු නිලධාරන් පිරිසක් මෙම වැටලීමට එක් වු අතර වව්නියාව කළාප අණ දෙන නිලධාරී පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම වැටලීම සිදු කළහ.
සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කෙරෙන අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සැකකරු වව්නියාව පොලිසියට බාර දි තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කේරළ ගංජා සමඟ අයෙක් මන්නාරමෙන් අල්ලයි