IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුරුක් පණු රෝගයෙන් කුඹුරු අක්කර 8000 ක් විනාශයි

චාපා මධුභාෂිණී
 
මැදිරිගිරිය කවුඩුලුවැව ගොවි ව්‍යාපාරයේ කුඹුරු අක්කර 13500 න් කුඹුරු අක්කර 8000 පමණ පුරුක් පණු රෝගය හේතුවෙන් විනාශ වී ඇති බවට ගොවීහු චෝදනා කරති.


තම ගොවිබිම් පුරුක් පණු රෝගය හේතුවෙන් විනාශ වී ඇති බවට කෘෂිකර්ම උපදේශකවරුන්ට තම කුඹුරුවලට සිදුවන හානිය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම් කළද එයට නිසි විසඳුමක් ලබා දීමට නිළධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් තව තවත් මෙම රෝගය සීග්‍ර ලෙස වර්ධනය වීමට ඉඩ ඇති බවට ඔවුන් චෝදනා කරති.


මෙම පුරුක් පණු රෝගය හේතුවෙන් මාස දෙකක් පමණ වන ගොයමේ ගොබය මේවන විට මැරී ඇති බවත් මේ සඳහා කෘෂි නිළධාරීන් සුදුසු යැයි නිර්දේශ කරන කෘමි නාශක යෙදීමට ගොවීන් කටයුතු කළද පුරුක් පණුවන්ට මෙයින් හානියක් නොවී ඇතැයි ගොවීහු කියති.


මෙම රෝගය සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිළධාරීන් විසඳුමක් සෙවීමට කටයුතු නොකිරීම හේතුවෙන් ගොවීන් මේවන විට කුඹුරු අක්කරයකට රුපියල් 10,000 වැඩි මුදලක් වියදම් කිරීමට සිදුවූ බව ඔවුහු පවසති.
කවුඩුලුවැව ගොවි ව්‍යාපාර ඉතිහාසයේ මීට පෙර පුරුක් පණු රෝගය හේතුවෙන් මෙතරම් කුඹුරු ප්‍රමාණයක් විනාශ ඇති ආකාරයක් තමන් නොදුටු බව ඔවුන් අපට කීය.


පසුගිය කාලයේ ගොවියාගේ පොහොර සහනාධාරය කප්පාදු කර ඒ වෙනුවට එක් අක්කරයකට රුපියල් 40,000 රක්ෂණාවරණයක් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කළා. දැන් ඔබතුමන්ලාගේ විශේෂ ප්‍රකාශ ක්‍රියාත්මක කරන කාලය ඇවිත් තියෙනවා. මේ වන විට කවුඩුලුවැව ව්‍යාපරයේ කුඹුරු විශාල ප්‍රමාණයක් පුරුක් පණු රෝගයෙන් විනාශ වී ගොවියා අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තිබෙන නිසා එම රක්ෂණාවරණය ලබාදෙන ලෙසට අපි ඉල්ලා සිටියේ කවුඩුලුවැව ව්‍යාපාර පදනමේ සභාපති කේ.ජී අශෝක කරුණාසේන ගොවි මහතාය.


පසුව අප මේ පිළිබඳව විමසීමට මැදිරිගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂි උපදේෂක මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එය ව්‍යර්ථ විය.

 



අදහස් (0)

පුරුක් පණු රෝගයෙන් කුඹුරු අක්කර 8000 ක් විනාශයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site