IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගාලු බන්ධනාගාරයේ පහසුකම්වලට වඩා රැඳවියන් සිටිමෙන් ගැටලු රැසක්


 
සිරංගිකා ලොකුකරවිට 
 
 
 
ගාල්ල බන්ධනාගාරයේ පහසුකම් තිබෙන ප්‍රමාණය මෙන් හය ගුණයක පමණ ප්‍රමාණයක් රැඳවියන් සිටීම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බවත් මත්ද්‍රව්‍ය හා ජංගම දුරකථන බන්ධනාගාරය තුළට රහසින් ගෙන ඒම පාලනය කිරීම ඉතා අසීරු වී ඇති බවත් ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා පවසයි.   
 
ඔහු වැඩි දුරටත් පවසන්නේ බන්ධනාගාරයේ ඉඩකඩ ඇත්තේ රැඳවියන් 270ක පමණ පිරිසක් සඳහා බවයි. එසේ වුවද එහි නිතරම 900 ඉක්මවූ රැඳවියන් පිරිසක් සිටින බවත් ඇතැම් දිනවල 1200ක පමණ සංඛ්‍යාවක් දක්වා ඉහල යන බවත් ඔහු පවසයි. 
 
මෙතරම් විශාල පිරිසක් රඳවා තිබීම හේතුවෙන් ඉඩකඩ නොමැතිවීම, සනීපාරක්ෂක පහසුකම් සීමා සහිත වීම හේතුවෙන් බරපතල ගැටලු ඇති වන බවත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නිලධාරීන් හා භෞතික සම්පත් නොමැති වීමෙන් පරිපාලන ගැටලු පවා පැනනගින බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
 
බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගෙන් සියයට හැටපහක් පමණ මත්ද්‍රව්‍ය වැරදි සඳහා බන්ධනාගාරගතවූවන් බවත් එම අයගෙන් සියයට 99ක්ම සිංහල බෞද්ධ අය බවත් පැවසේ. බන්ධනාගාර අධිකාරීවරයා පවසන්නේ තමන් අදහන ආගම දහම අනුකූලව ජීවත් වන්නේ නම් බන්ධනාගාර වල මෙවැනි තදබදයක් ඇති නොවන බවයි.
 
බන්ධනාගාර අධිකාරීවරයා ඒ සම්බන්දව මෙසේ ද පැවසීය. 
 
"ගාල්ල බන්ධනාගාරයේ ඉඩකඩ සීමා සහිතයි. එහි ඉඩ තිබෙන්නේ රැඳවියන් 270ක පමණ ප්‍රමාණයක් සඳහා පමණයි. නමුත් මේ සංඛ්‍යාව බොහෝ විට 1200ක් පමණ දක්වා ඉහල යනවා. මෙතරම් විශාල ප්‍රමාණයක් පාලනය කිරීම සඳහා නිලධාරීන් ප්‍රමාණවත් නෑ. භෞතික සම්පත් ද සිමා සහිතයි. 
 
මේ හේතු නිසා පරිපාලන ගැටලු වගේම සෞඛ්‍ය ගැටලුත් පැන නගිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අසීරු වෙනවා. ලෙඩ රෝග පැතිරෙනවා. මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන බන්ධනාගාරයට රහසින් ගෙන ඒම පාලනය කළ නොහැකි වී තිබෙන්නේත් මේ හේතු නිසයි. මේ අයගෙන් සියයට 65ක්ම මත්ද්‍රව්‍ය සඳහා වැරදිකරුවන් වූ අය. එයින් සියයට 99ක්ම සිංහල බෞද්ධ. 
 
මෙවැනි පිරිස් බන්ධනාගාර ගතවීම වලක්වා ගන්න පුළුවන් නම් අපට එන රැඳවියන් ප්‍රමාණය අඩු වෙනවා. මේ සම්බන්ධව සියළු දෙනාම දැනුවත් වී කටයුතු කිරීම අවශ්‍යයි. සමාජයේ වැරදි කරන අය අඩු වනවා නම් බන්ධනාගාර පිරෙන එකත් අඩු වෙනවා. 



අදහස් (0)

ගාලු බන්ධනාගාරයේ පහසුකම්වලට වඩා රැඳවියන් සිටිමෙන් ගැටලු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site