සුමතිපාල දීයගහගේ සහ ඩි ජි සුගතපාල
උණවටුන වැල්ලේ දේවාලයේ ඇසළ උත්සවය නිමිත්තෙන් පවත්වා ගෙන ගිය රසකැවිලි වෙළඳසැලක සහායට පැමිණ සිටි 28 හැවිරිදි තරුණයකුට අද (2) එම උත්සව භූමියේදී විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ රත්නපුර පරකඩුව ප්‍රදේශයේ සිට පැමිණ ඇති සුපුන් නැමැති තරුණයෙකි.
මියගිය තරුණයාගේ සොහොයුරෙකු රත්නපුර පරකඩුව ප්‍රදේශයේ සිට පැමිණ උණවටුන වැල්ල දේවාලයේ ඇසළ උත්සව සමය නිමිත්තෙන් රසකැවිලි වෙළඳසැලක් පවත්වා ගෙන ගොස් ඇත.
මෙම තරුණයාද පරකඩුවේ සිට පැමිණ සොහොයුරාගේ රසකැවිලි වෙළඳාමට සහාය වී ඇත.
මේ අතර උනවටුන වැල්ල දේවාලයේ ඇසල උත්සවය අද නිමාවට පත්වීමෙන් පසුව වෙරළ අයිනේ පවත්වා ගෙන ගොස් ඇති මෙම රසකැවිලි වෙළඳසැල ඉවත් කරමින් සිටින විට විදුලි රැහැනකින් විදුලිසැර වැදිමෙන් මෙම තරුණයා මිය ගොස් ඇති බව මුලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
උණවටුන දී විදුලිසැර වැදී තරුණයෙක් මරුට